
ඇමෙරිකාවේ නාසා ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝං සඳට පය තැබුවේ 1969 ජූලි 16 වැනිදා ආරම්භ වුණු ඇපලෝ 11 චන්ද්‍ර මෙහෙයුම යටතේය. ඉන්පසු අවස්ථා කීපයකදී, නාසා ගගනගාමීන් කීප දෙනකු ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම් යටතේ සඳට පය තබා ඇත.
නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් සදට පය තැබුවේ 1969 ජූලි 20 වැනිදාය.
ඇපලෝ 11 චන්ද්‍ර මෙහෙයුමෙන් වසර 57 කට පසු දැන් නාසා ආයතනය යළි ගගනගාමීන් සඳට යැවීමට සූදානම් වෙයි. ඒ සඳහා ආරම්භ කර ඇත්තේ ආටිමිස් නමැති මෙහෙයුම් මාලාවය.
එලැඹෙන අප්‍රේල් මාසයේ, ආටිමිස් 2 මෙහෙයුම ආරම්භ වෙයි. ආටිමිස් 2 මෙහෙයුමේදී සිදුවන්නේ, රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොච් සහ ජෙරමි හැන්සන් යන ගගනගාමීන් සිවුදෙනා එස්.එල්.එස් නමැති අධිබලැති රොකට්ටුව සහ ඔරායන් නමැති කැප්සියුලය භාවිතයට ගනිමින් සඳට යැවීමටය.
මෙම ගගනගාමීන් රැගෙන අභ්‍යවකාශයේ ගමන් කරන ඔරායන් ගගන කැප්සියුලය සඳට ගොඩබාන්නේ නැත. එය සඳට ළංවී සඳ වටා කැරැකී ආපසු පෘථිවියට ඒමට නියමිතය. මෙය සඳට ගගනගාමීන් යැවීම සිදුවන ආටිමිස් 3 මෙහෙයුමට පෙර සිදුවන පුහුණු මෙහෙයුමක් බව නාසා පැහැදිලි කරයි.

ආටිමිස් 2 මෙහෙයුමට ලෝකවාසී ඕනෑම කෙනකුට සම්බන්ධ වීමට ද හැකි බව නාසා ආයතනය පවසා තිබේ. ඒ, ආටිම්ස් 2 සමඟ ඔබේ නමත් සඳට යවන්න (Send Your Name with Artemis II) යන වැඩසටහන යටතේය.
මේ සඳහා නාසා ආයතනයේ නිල වෙබ් අඩවිය හා සම්බන්ධ වී, ඔබට ඔබේ නම ඇතුළත් කළ හැකි අතර, එම නම් එස්.ඩී. ඩේටා කාඩ්පතක තැන්පත් කෙරනු කෙරේ. එම කාඩ්පත ආටිමිස් 2 මෙහෙයුමට භාවිතයට ගන්නා ඔරායන් කැප්සියුලයේ ගගනගාමීන් සමඟ සඳ ගමනට එක් කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd