(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම නඩු දාන්නැයි ජනාධිපති කොමිෂන් සභාවෙන් නියෝග කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා මන්ත්‍රීවරුන්ට දැනමුතුකම් දීමට පැමිණෙන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (19) ප්‍රශ්න කළේය.
එවැනි නිර්දේශයක් තිබියදී ඔහුට රජය උසස්වීම් දුන් බවද හෙතෙම සඳහන් කළේය.
කිරිඇල්ල මහතා මෙසේ පැවැසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී කතානායකවරයාගේ අවසර ඇතිව ප්‍රකාශයක් කරමිනි.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවසීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට වහාම නඩු දාන්න කියලා ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නිර්දේශ කරලා තියෙනවා. ඒත් රජය එයාට උසස්වීම් දුන්නා. එහෙම කෙනෙක් අද අපිට උපදෙස් දෙන්න එනවා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා:
වැරදි අවබෝධයක් රටට දෙන්න හදනවා. මේක දැනුවත් කිරීමේ වැඩසටහනක්. ඔය කියන කාරණාවත් එතනදි අහන්න පුළුවන්. එතකොට ඒක නිවැරදි කරගන්න පුළුවන්. මෙතුමාලගේ කාලෙ තමයි ඔය ප්‍රහාරය සිද්ධ වුණේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා
මෙම වැඩසටහන සඳහා සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දෙනවා.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
’’එයා කොහොමද අපිට දැනමුතුකම් දෙන්නේ’’
Perera Tuesday, 19 September 2023 01:07 PM
කප්පම් අරන් උසාවියෙන් වරදිකරපු එකෙක් තව අපරාධකාරයෙක්ගේ රෙදි හෝදන්න අරන්
Rata Perata Tuesday, 19 September 2023 02:02 PM
ලෝයේ ඉන්න අජුතම, දූශිතම කතානයක ඉන්නෙ අපෙ රටෙ.
Hafeel Tuesday, 19 September 2023 02:29 PM
මෙයා දැන් කියන්නේ "මෙතුමාලගේ කාලෙ තමයි ඔය ප්‍රහාරය සිද්ධ වුණේ කියල". ඔයාලා සේරම එකයි. එම සිද්ධිය වෙනකොට අගමැති, වත්මන් ජනාධිපති. ඔයාලාගේ භාසාවෙන් කියනවා නම්, මහ බැංකුව කඩපු කෙනා. ඒ නිසා තමයි කියන්නේ සේරම යාලුවෝ කියල.