(සුජිත් හේවාජුලිගේ )
එන්නත් කාඩ්පත නොමැති මන්නාරම ප්‍රදේශයේ අයට මුහුදු යෑම සහ පොදු ස්ථානවල ගැවසීම හෙට (15) සිට තහනම් කෙරෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ අනුව ධීවර කටයුතුවලට යන ධීවරයන්ගේ සහ පොදු ස්ථානවල ගැවසෙන පුද්ගලයන්ගේ එන්නත් කාඩ් පත පොලිස් මුරපොළවල් සහ ධීවර තොටුපළවල්වලදී අද සිට දැඩි ලෙස පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත .
මේ සම්බන්ධයෙන් අප මන්නාරම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්.විනෝදන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන නැති පුද්ගලයන් සොයා ගැනුණහොත් ඔවුන් කොරෝනා පරීක්ෂණවලට යොමු කර එහි ප්‍රතිඵල මත නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමට පියවර ගන්නා බවයි.
මෙම තීරණය ගෙන ඇත්තේ මන්නාරමේදී අද (14)පැවැති කොවිඩ් කමිටු රැස්වීමේදීය.
මේ අතර මන්නාරමේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත බැස ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.
දිවයිනේ අඩුම කොවිඩ් මරණ සංඛ්‍යාව සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේද මන්නාරමෙනි. මරණ සංඛ්‍යාව 38කි
COMMENTS
ඉතා හොඳ තීරණයක්. රට පුරාම ක්‍රියාත්මක විය යුතුයි. ලෝකයේ බොහෝ රටවල් එය ක්‍රියාත්මක වෙනවා. නොමිලේ දෙන එන්නත ගහගන්නත් බැරි අය ඉන්නවා නම් ඔවුන් සමාජයට හිරිහැරයක්...
කෝවිඩ් කමිටුවට රටේ නීති පනවන්නත් අවසර තියෙනවද?
කොවිඩ් කමිටුවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කඩ කරන්නත් බලය දීලා තියෙනවද .මේවා හිතුමතේ එක එක්කෙනාට ඕන විදියට වෙනස්ම් කරන නිසා තමයි ලිකිත ව්‍යවස්ථාවක් ලංකාවේ තියෙන්නේ
මන්නාරම් දිස්ත්‍රික් ජනගහනය 99000ක් විතර වෙනවා.
මානව හිමිකම් උල්ලංඝනය කරනවා.
@කිරි පුතා..නිකන් දෙන එන්නත ගහ ගන්න නම් පුළුවන්.ඒත් ඊට පස්සෙ එන අතුරු ආබාධවල වගකීම ඔයා භාර ගන්නවද..?
ඒක හොද වැඩක්