IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


එන්නත් ගැන ඕනෑම අයකු සමග විවාදයකට සූදානම්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඩොලර් ප්‍රශ්නය නිසා ඖෂධ කිහිපයක  හිඟයක් පවතින බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය.

ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලවල  හිඟයක් පැවතුණු  බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එම හිඟය සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.

ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලක්ෂ හතරක් ඉදිරියේදී  ලැබීමට නියමිතව ඇතැයිද  ඔහු කීවේය.

චන්න ජයසුමන මහතා මෙසේ පැවසුවේ ඖෂධ නියාමන අධිකාරී පනත පිළිබඳ විවාදයේදීය.

හිඟ ඖෂධ ගෙන්වා ගැනීමට ඉන්දීය රජය සමඟ සෘජු සාකච්ඡා අරඹා ඇතැයිද  රාජ්‍ය  අමාත්‍යවරයා පැවසීය.

මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ මැකුණු දත්ත සියල්ල යළි ස්ථාපනය කර ඇති බවත්  එම දත්ත නිවැරදිව ස්ථානවල තැන්පත් කිරීමට කටයුතු කරගෙන යන බවත් හෙතෙම  සඳහන් කළේය.

ජනාධිපතිවරයා එන්නත්කරණය සාර්ථක කර ගැනීම සඳහා ගෙනගිය වැඩපිළිවෙල අතිවිශිෂ්ට බව පැවසූ ජයසුමන මහතා මෙසේ කටයුතු කරද්දිත් රටේ බොහෝ දෙනා නරක පමණක් දැකීම ඛේදජනක කාරණයක් බවද සඳහන් කළේය.

එන්නත් පිළිබඳව ගැටලු පවතී නම් තමා ඕනෑම අයකු සමග ඒ ගැන විවාද කිරීමට සූදානම් බව ඔහු වැඩිදුරටත් කීවේය.



අදහස් (7)

එන්නත් ගැන ඕනෑම අයකු සමග විවාදයකට සූදානම්

මහසෙන් Tuesday, 08 February 2022 05:40 PM

කරපුවා සහ නොකරපුවා කියලා නිකං කාලය නාස්‍ති කරන්න එපා. ඒවා රට්ටු දන්නවා. ඒ වගේම ඔච්චරම එන්නත ගැන විශ්වාස නම් රටේ මුල් පුටුවල අය බූස්ටරේ ගැහුවේ කවද්ද කොහේදීද කියලා මුලින් පෙන්නුවා නම් හොඳයි.. පාළු ගෙයි වලං නොබිඳ...

:       0       0

Bamunuarachchi Tuesday, 08 February 2022 05:48 PM

පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්න ඇවිත් ඇනගත්ත විදිහ දැක්කා නම් ෂුවර්...! ඔය ගොයියන් විවාද වලට එන්නේ නැහැ...

:       0       1

මැක්ස් Tuesday, 08 February 2022 06:08 PM

විපක්ෂයේ සිටින කකුල් මාට්ටුකාරයින් සමග විවාද කිරීමට කාලය යොදනවාට වඩා ඔබතුමා දැනට කරගෙන යන වැඩ කොටස තවත් හොඳින් කිරීමට එම කාලය යොදවන්න...

:       0       0

sena Tuesday, 08 February 2022 06:22 PM

එන්නත් ගැන නෙවෙයි, අර පැණිය ගැන දැන් මොකද කියන්නේ?

:       0       0

Raveendra Tuesday, 08 February 2022 08:29 PM

ඔන්න අවස්ථාව ගන්නවා නම් අපේ "පුතාණෝට" තමන්ගේ වෛද්‍ය විද්‍යා දැනුම පිළිබඳව මුළු ලෝකෙටම කියන්න. ජයසුමන උන්දෑට කනේ ඇඟිලි ගහගන්න. හුරේ.. පුතාණෝගේ "වෛද්‍ය විද්‍යාව" පිළිබඳව කෙළපැමිණි දැනුමෙන් ජයසුමන ගොයියාගේ ආචාර්ය මහාචාර්ය පට්ටම ගැලවෙනවෝ... අපේ පුතාණෝට හෙටම රට බාර දෙනු... මීට අපි විපක්ෂේ ඔස්තාර්ලා...

:       0       0

Shan Wednesday, 09 February 2022 12:09 AM

අපිට නම් විවාද කරකර ඉන්න වෙලාවක් නෑ. වැඩ තියෙනවා. ගෙදර උන්දැ එක්කම ඕක කරගන්න ඔච්චරම අමාරුවක් තියෙනවා නම්...!

:       0       1

sam Wednesday, 09 February 2022 11:41 AM

මෙන්න මෙයත් එක්ක විවාදයකට අර කොටුවේ නාට්ටාමි කෙනෙක් සෙට් කරන්න. මේ අය කියන ඒවා කවුරුත් ගණන් ගන්නේ නැහැ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 878 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site