
(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂය හා සිදුකළ පළමු සාකච්ඡාව සාර්ථක බවත් ඒ අනුව පක්ෂ දෙක ඒකාබද්ධ කිරීමට එකගත්වය පළවූ බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
පක්ෂ දෙක ඒකාබද්ධ කරන ආකාරය සහ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් තවදුරටත් මේ සතියේදී සාකච්ඡා කරන බවත් ඔහු පැවසීය.
මෙම සාකච්ඡා සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් කලතා අතුකෝරල, රුවන් විජයවර්ධන සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක සහ කබීර් හෂීම් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක් වූහ.
COMMENTS
කලබල වෙන්න දෙයක් නැහැ. තිස්ස අත්තනායක ඉන්නවා. කවදාවත් දිනන් නැහැ. විපක්ෂේම තමයි. නව ආණ්ඩුවක් බිහි කලා වගේම, නව විපක්ෂයක් අවශ්‍යයි. නව දේශපාලන ක්‍රමයක් බිහි කරමින් තියෙන අවස්ථාවක, එය තවත් සාදනිය කරන අදහස් ඇති විපක්ෂයක් අවශ්‍යයි. එසේ නැතුව පුද්ගල වන්දනාව සහ ඔවුන්ගේ නායකයන් ප්‍රබුද්ද යයි සැලකීමක් ඇති මිනිසුන් සහ වන්දනිය අනුගාමිකයන් ඇති පක්ෂ තව දුරටත් මේ රටට අවශ්‍ය නොවේ.
ඔය සාකච්ඡාවලට රනිල් සහ සජිත් සහභාගී උන දවසට වැඩේ ලත් තැනම ලොප් වෙනවා
ඩොන්කි සන් නැතුවනම් සාර්ථක වෙයි . පස්සේ එන්න අලි රජකම ඉල්ලයි .
සමගි ජනබලවෙගය සහ එක්සත් ජාතික පක්ෂය සමග සාකජා මේසයේදී SJB පාර්ලිමේන්තුව නියෝජනය කරනාවූ මන්ට්‍රිවරුන් ප්‍රමාණය ( # ) bargain chip වශයෙන් යොදා නොගත යුතුවේ. පක්ෂ දෙකක් උවද සියල්ලෝම එක්සත් ජාතික පාක්ෂිකයන් වේ. එකග තත්වයන් ඇතිවිය යුතු වන්නේ රටේ පුරවැසියන්ට "දැනෙන ගැටළු විසදීම" සදහා කණඩායම් දෙක කෙසේ ක්‍රියා කරන්නේද යන්න වේ. සකජා මේසයේදී රටේ පවතින ගැටළු වලට ලබාදෙන්නාවූ ප්‍රයෝගික විසදුම් ( දේශපාලන පොරොන්දු හෝ පත්‍රිකා නොව ) මොනවාද යන්න මත සකජාවේ වාසිය හෝ බොහෝ එකග තත්වයන් ඇතිකර ගත හැකිවේ 1. රටේ ආර්ථික ගැටලුවට IMF වෙත යාම දෙපාර්ශවයම එකග නිසා එය ගැටළුවක් නොමැත 2. වනසතුන්ගෙන් කෘෂිකර්මනත්යට / ගොවීන්ට වන හානිය රජයට අදායමක් ලබමින් විසදීම 3. ඉන්දියන් දිවරයන් ( Bottom trawling) උතුරේ මසුන් මැරීම ගැටලුව විසදීම 4. ජාතික සංහිදියාව ඇති කිරීම වැනි ගැටළු විසදීම සදහා සමගි ජන බල වේගය ලබාදෙන්නාවූ විසදුම්
මේවනවිට සියලු දේශපාලන පක්ෂතුල ගැටළු සහ කඩාවැටීම් පවතින අවස්ථවක මෙම එකගතාවය පාක්ෂිකයනට පමණක් නොව සමස්ත රටටම සහ සියලු ශ්‍රී ලාංකිකයනට බලපනාවූ එකග තත්වයකි. නැවත වරක් නායකයන් පලවා හරිම හෝ කල්ලි කණ්ඩායම් පක්ෂය තුල ඇති නොවන්නට එකගත්වයන් ඇතිකර ගත යුතුවේ. සත්‍ය වශයෙන්ම මේ වනවිට රටේ සියලු පුරවැසියන් ලංකාවේ අවස්ථාවාදී සහ බොරු පොරොන්දු ලබදෙනාවූ දේශපාලනය, දේශපාලන පක්ෂ පිළිබද දැඩි කලකිරීමක් මතුව තිබේ. දේශපාලනය යනු මහජනත්ව සමග කරන්වූ ගනුදෙනුවකි. එම ගනුදෙනුවේදී මහජන පාර්ශ්වයට ලබදෙන්වූ විස්වාසය කඩ නොකිරීමට වගබලා ගැනීම SJB සහ UNP එකගත්වයේ අරමුණ විය යුතුවේ..
ඒක හොඳයි, දෙකම එකට තියලා පරද්වන්න ජාතික ජනබල වේගයට හැකිවෙයි.එල්ලෙන්න වැලැක් බලාගෙන ඉන්න රනිල්ටයි මංමුලා වෙලා පාර හොයා ගන්න බැරිව ඉන්න සජිත්ටයි එකට දේශපාලන කනත්තට යන්න උදව් කරන්න අපි ලැහැස්තියි. කොහොම නමුත් සාගලගෙයි ලක්ෂ්මන්ගෙයි අනුමැතිය නැතිව සංධාන ගහනවා බොරු!
කලින් දෙගොල්ලන්ම එකට හිටියේ... පක්ෂය දෙකට කැඩෙන තැනට ගේම ගැහැව්වේ මහින්ද... රනිල් කොහොමටවත් මහින්දට හරියන කෙනෙක්...!
කොහොමත් හොරු ඔක්කොම එකට තමයි.
අසුචියි, මුත්‍රයි එකට එකතු වුණා වගේ...
ඔය සාකච්ඡා අසාර්ථක වෙන්නේ නෑ කියලා ඕන මෝඩයෙක් දන්නවා. මොකද ඕක විතරයි දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. මේ මිනිස්සුන්ට රාජ්‍ය පාලනය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න තව අවුරුද්දක් විතර යයි.
අරවින්ද මොණරවිල පොඩ්ඩක් ගිය ජනාධිපතිවරණේ චන්ද බෙදිලා තියෙන හැටි බලන්නකෝ. දැන් සමූපකාර චන්ද වලින් මාලිමාවේ සොහොන් කොත් පේනවා.