
(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ඒකාබද්ධ කිරීම වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා පසුපෙළ මන්ත්‍රීවරුන් විරුද්ධ බවට පැතිරෙන කථා අසත්‍යයක් බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
එම සාකච්ඡා සාර්ථක කර ගැනීම වෙනුවෙන් සමගි ජනබලවේගයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ පූර්ණ සහයෝගය හිමිව ඇති බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
පක්ෂ දෙකේම ඉතා සුලු පිරිසක් පමණක් ඔවුන්ගේ පටු වාසි තකා පක්ෂ දෙක ඒකාබද්ධ වීමට අකමැති බවත් එම පිරිසේ විරෝධය නොතකා රට වෙනුවෙන් පක්ෂ දෙක ඒකාබද්ධ වීම සිදුවන බවත් ඔහු කීවේය.
COMMENTS
බලය අරගෙන අධික වේගයන් රට සංවර්ධනය කරන්න යන ගමන් ජනතාවට තිත්ත වෙලා තියෙන්නේ,උත්සවවලට පිම්බෙන්න කරන වියදම් හොරකම් ආයේනම් කරන්න පටන්ගෑනීම ඔබටද රටටද ඉතා අහිතකරය ,
එජාප සජබ එකතුවීම මාලිමාවට නම් අවුලක් නැහැ. සජිත්ට තමයි අවුල.
මේ රට විනාශ කලේ පසු පෙළ නෙවෙයි ඉදිරි පෙළ.. තමන්ගේ දේශපාලන වුවමනා ඉටු කරගන්න , මඩිය තරකර ගෙන පරම්පරා ගාණකට හොයන්න තමයි සේරම කලේ.
එකතුව ප්‍රජාතන්ත්‍රවාදීව සියලු නිලතලවලට වාර්ෂිකව හෝ වසර දෙකකට වරක්වත් නිලවරණ පැවැත්වීම සහ මැතිවරණයකින් පරාජය වූවොත් නායකයා නිලය අතහැර නිලවරණයකට යන තෙක් පක්‍ෂය අසාර්ථකයි....සදා නායක රනිල් හෝ සජිත් ඉන්න බෑ...පක්‍ෂ පසුපෙල මොට්ට වෙනව. පොහොට්ටුවත් ඊට අන්තයී...