(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත් කර තිබේ.
පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහත පත්කිරීම සිදු කර ඇති අතර පක්ෂයේ කළමනාකරණ කමිටුව අදාල පත්කිරීම සඳහා අනුමැතිය දුන් බව එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා කීය.
පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා නවීන් දිසානායක මහතා පත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය මීට පෙර තීරණය කළ ද තනතුර බාර ගැනීම දිසානායක මහතා ප්‍රතික්ෂේප කිරීම නිසා වසරක පමණ කාලයක් තිස්සේ එම තනතුර පුරප්පාඩු වී පැවැතිණි.
සාගල රත්නායක මහතා ජාතික සංවිධායක ධුරයට පත් කිරීමේ තීරණය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කරගන්නා බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කීය.
සාගල රත්නායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලෙස කටයුතු කළ අතර පුරප්පාඩු වූ එම තනතුර සඳහා පුද්ගලයන් දෙදෙනකු පත් කිරීමට නියමිත බවත් දෙමළ සහ මුස්ලිම් නියොජනයක් ලැබෙන පරිදි ඉදිරියේදී එම පුරප්පාඩු පුරවන බවත් එජාප මහලේකම්වරයා කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
එජාප ජාතික සංවිධායක ධූරය සාගලට
වික්ටර් Wednesday, 09 February 2022 10:27 AM
ඉදිරි මැතිවරණයෙන් පිනට ලැබුණු ආසනයත් පක්ෂය නැතිවෙන වැඩක් කවුද අප්පා සාගතට මනාප දෙන්නෙ
ජගත් ලියනගේ Wednesday, 09 February 2022 11:02 AM
අලියා මැරුවා . ආයේ පණ එන්නේ නැහැ . ගහේ මලට ඉස්සෙල්ලා එන එකටත් කවදා හරි වෙන්නෙත් ඒකමයි .
ජයන්ත මිලානො Wednesday, 09 February 2022 12:07 PM
මේ මනුෂ්‍යයා එන එක ගැන සංතෝසයි... පක්ෂය නැත්තටම නැතිව යන්න ගත්තු යහපත් පත්කිරීමක්... හොරුන්ටම ගැලපෙන හිටපු පොලිසිය බාර මැතිතුමාට ජය...!
Hafeel Wednesday, 09 February 2022 12:19 PM
හරියට ලැබුණු එකම එක ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරය පත් කළා වගේ මෙම පුරප්පාඩුවත් පත් කරලා තියන්නේ. ඉතින් කොහොමද රට හදන්නේ?
Raveendra Wednesday, 09 February 2022 12:22 PM
අනේ අම්මපා රනිල් ඇම්ඩ නොදුරේදී තරුණ ජවය රටට හදුන්වා දෙනවා කියල. කිව්වා නේද....? හරිම තරුණ හාදයෙක්නේ මේ හැබෑට....
Jaya Wednesday, 09 February 2022 12:41 PM
එකම කොලු රෑන
fairoos Wednesday, 09 February 2022 01:27 PM
මොන දේකරත් යූ.එන්.පී එකට නැගිටීමක් නැහැ
duplicate RalahamiWednesday, 09 February 2022 03:06 PM
ෆයිරූස්, එජාපයට ගොඩ එන්න පුළුවන් විදිහක් තියෙනවා. ඔය ඔක්කොම තනතුරුවල ඉන්න අය අයින්වෙලා මුලු රටේම ඉන්න තම පාක්ෂිකයින්ගේ රහස් ඡන්දයකින් සියලු තනතුරු නැවත පුරවන්න ඕනේ... නායක තනතුරුත් ඇතුළුව...!
koralageWednesday, 09 February 2022 04:17 PM
රනිල් ලංකාවේ මහා බලකණුවක් වගේ තිබුණු සද්දන්ත එජාපයට කරපු විනාසේ දැක්කම මේ කරන විගඩන් වලට කමෙන්ට් එකක් වත් දාන්න හිතෙන්නේ නැහැ. හරියට අපි පොඩිකාලේ චග්ගුඩු පනිනවා වගේ බාලයින් වගේ අන්ධ බොළඳ වැඩ කරමින් UNPය නැත්තට නැති කරලා කුණු කුඩේට දාල ඉවරයි. යහපාලනය කාලේ ඔක්කොම හොරුන්ව නිදහස් කරපු පොලිසිය බාරව හිටපු ගේම් කාරයාව ආයි වද්දාගෙන රෙදි ගලවා ගන්න හදන්නේ. UNP යට කරපු මේ මහා විනාසෙට මේ ඔක්කොම හැඳි ගෑවිලා යන්න ඕනේ.
sachith Wednesday, 09 February 2022 03:00 PM
පොහොට්ටුවටම බනින්න බෑ. දැන් මේකත් පවුලේ පක්ෂයක් වෙලා..!
siri Wednesday, 09 February 2022 03:13 PM
වැඩේ හරි. වැඩේ හරි. දිනලා තියෙයි...
සකල බුජං Wednesday, 09 February 2022 03:48 PM
පක්ෂ නායකත්වයට සුදුස්සා ජාතික සංවිධායක තනතුර කෙසේවත් ගන්නේ නැහැ. සිටින නායකයාට ඕනෑ කරන්නේ පක්ෂලා වගේ පවුලේ පක්ෂයක් කරන්න. ඒකනේ මාමගේ පුතාට අනාගත නායකත්වය ලැබීමට නියෝජ්‍ය නායක තනතුර දුන්නේ... ඒ නිසා ඔවුන්ගේ පවුලටම කරගන්න දීලා අනෙක් අය අයින් වෙමුකෝ...!!!
Kumara Wednesday, 09 February 2022 03:58 PM
පරණ තැටියම තමයි...