IMG-LOGO

එජනිස මහ ලේකම් ධූරයෙන් ඉවත්කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

(මනෝප්‍රිය ගුණසේකර)

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්ධුරයෙන් තමා ඉවත් කිරීමට ගත් තීරණය අත්හිටුවන්නැයි කළ ඉල්ලීමක් සළකා බැලු කොළඹ දිසා විනිසුරු පුර්ණීමා පරණගම මහත්මිය සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට ජනවාරි 11 වැනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නැයි දැනුම් දෙමින් අතුරු තහනම් දැන්වීම් හා නොතීසි අද (08) නිකුත් කළාය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්ධුරයෙන් තමා ඉවත් කිරීම එහි ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරිය එලෙස නියම කළාය.

මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය” එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතා දයාසිරි ජයසේකර, වඩුවෙල් සුරේෂ්, තිලංග සුමතිපාල, මහතා ඇතුළු ඇතු`ථ පිරිසක් වගඋත්තරකරුවන් වශයෙන් නම් කොට ඇත.

නීතීඥ ගයාන් සල්වතුර මහතාගේ උපදෙස් මත ඉදිරිපත් කොට ඇති මෙහි පෙත්සම්කාර මහින්ද අමරවීර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කළ බවත් පසුගිය දිනක ඔහු එම තනතුරින් ඉවත් කොට ඒ වෙනුවට තිලංග සුමතිපාල මහතා පත් කොට ඇතැයිද සඳහන් කළේය.

තම සේවාදායකයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්ධුරයෙන් ඉවත් කිරීම එක්සත් ජනතා නිදහස් සන්ධාන ව්‍යවස්ථාවට පටහැනි යැයි පෙන්වා දෙන නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා එහෙයින් තම සේවාදායකයා සන්ධානයේ ප්‍රධාන ලේකම්ධුරයෙන් ඉවත් කිරීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක්ද කොට ඇත.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් මූලික විරෝධතාවක් මතු කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ රැසක් සිටින හෙයින් එම පක්ෂ මෙම නඩුවේ පාර්ශ්වකරුවන් කර නොමැති තත්වයක් තුළ නඩුව පවරා පවත්වාගෙන යෑමට හැකියාවක් නැතැයි සඳහන් කළේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරිය මෙම පෙත්සම ලබන වසරේ ජනවාරී මස 11 වැනිදා යළි කැඳවීමටද නියම කළාය.



අදහස් (0)

එජනිස මහ ලේකම් ධූරයෙන් ඉවත්කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 978 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site