IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


එකම අංකයේ කාර් දෙකක් අල්ලයි

(සුමිත් පොතුපිටිය)

එකම අංකයෙන් ධාවනය වූ ටොයටා ප්‍රියස් වර්ගයේ මෝටර්  රථ දෙකක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරයක ඒකකය සමත්ව ඇත .

එකම අංකයෙන් ධාවනය වන මෝටර් රථ දෙකක් ඇති බවට ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් මත, අධ්‍යක්ෂ පොලිස් අධිකාරි කේ.ඒ. උදය කුමාර මහතාගේ සැලසුමකට අනුව මත මෝටර් රථ දෙහිවල මුහුදු මාවතේ සහ කැලණිය දළුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

වැඩිදුර විමර්ශන සහ අධිකරණ කටයුතු සදහා ජීප් රථ දෙහිවල  පොලිසියට භාරදී තිබේ.

මෙම මෝටර් රථ දෙක අතුරින් ව්‍යාජ මෝටර් රථය කුමක්ද යන්න සොයා බැලීම සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර, රජයේ රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව පොලිසිය සදහන් කරයි.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොලිස්පති තුමාගේ උපදෙස් පරිදි මෙසේ නීතිවිරෝධී වාහන අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බව සදහන් වේ.



අදහස් (1)

එකම අංකයේ කාර් දෙකක් අල්ලයි

රුවන් Thursday, 13 February 2025 02:07 PM

ඇත්තටම හිටපු පාර්ලිමේන්තු ඇමැති කෙනෙක්ගේද දන්නේ නෑ? පයාගල පැත්තේ රෝහිත වගේ...

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 136 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1077 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site