(එම්.කේ.නන්දසේන)

කතරගම දෙටගමුව ප්‍රදේශයේ නිවසක මීට වසර 23 ට ඉහතදී උපත ලැබූ දැරියන් තිදෙනකු සිය නිවසේදී මහ සඟරුවනේ  සෙත්පිරිත් සඡ්ජායනා සහ ආගමික අනුශාසනා මධ්‍යයේ විවාහ දිවියට ඇතුලත්වීමෙි දුලබ සිදුවීමක්  දැක ගන්නට ලැබිණ.

මෙලෙස යුග දිවියට එළඹුනේ දෙටගමුව දෙවන පෙල ප්‍රදේශයේ පදිංචි සුජිත් නිශාන්ත මහතාගේ සහ එම මහත්මියගේ දියණියන් වන දිලුම් වින්ද්‍යා , ගෙයුමි තිසාරා සහ විද්මි හංසා යන තිදෙනාය.

කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඟනායක  කපුගම ශ්‍රී සරණතිස්ස, කතරගම පබ්බතාරාම පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති නවගමුවෙි මෛත්‍රී නාහිමි වහන්සේලා නිවසට වැඩම කොට සෙත්පිරිත් සඡ්ජායනා කොට පිරිත් නූල් බැඳ ආගමික වතාවත් හා අනුශාසනා මධ්‍යයේ මෙම මංගල්‍යය ඉටු කිරීම සුවිශේෂී සිද්ධියකි.

ඉන් අනතුරුව විවාහ රෙජිස්ටාර් වරිය නිවස වෙත කැඳවා විවාහය ලියාපදිංචි කිරීමෙන් අනතුරුව පෝරුවෙි නන්වා චාරිත්‍ර ඉටුකරනු ලැබිණ.