
(ගයාන් සූරිය ආරච්චි )
අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යමින් සිටියදී පලා ගොස් සැඟවී සිටි බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියකු ඊයේ (10) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල, මාම්පේ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි රැඳවියකු බව පොලිසිය පවසයි.
ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම රඳවියා ඉකුත් අගෝස්තු මස දිනක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රඳවා සිට ඇති බව පොලිසිය පවසයි.
පසුව එම රැඳවියා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාර බස් රථයකින් රැගෙන එමින් සිටියදී බලා ගොස් තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් රැඳවියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd