IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


උසස් පෙළ කාලසටහනට එරෙහි පෙත්සමක්

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ) 

අපොස උසස් පෙළ විභාගය සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත්කරනු ලැබ ඇති "විභාග  කාලසටහන" ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා අභියාචනාධිකරණයට අද (28 ) රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම් කපිල පෙරේරා, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ සුනිල්.ජේ. නවරත්න යන මහත්වරු නම්කර ඇත.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට පුරා පාසල් සැලකිය යුතු කාලයක් වසා තිබූ අතර ඒ හේතුවෙන් සිසූන්ගේ අධ්‍යාපන කටයුතුවලට විශාල පාඩුවක් සිදුවූ බවත් , ඔවුන්ගේ විෂය නිර්දේශ පවා නිසි අයුරින් සම්පුර්ණ කර ගැනීමට නොහැකි වූ බව පෙත්සම්කරු සිය පෙත්සමෙන් දක්වා ඇත.

2021 අපොස උසස් පෙළ විභාගය ලබන පෙබරවාරි මස 7 වනදා ආරම්භ  කිරීමට නියමිතව ඇත.



අදහස් (6)

උසස් පෙළ කාලසටහනට එරෙහි පෙත්සමක්

කිරි පුතා Friday, 28 January 2022 05:51 PM

කොඩිතුවක්කු මහතාට රැවටී ලක්ෂ ගණනක වංචාවකට හසුවුණු මිනිසුන් තවමත් ඔහු සමඟ සිටිනවාදැයි නොදනිමි. වෙනත් රටක පුරවැසි භාවය රැගෙන ජීවත් වී දැන් මේ රටට ඇවිත් එකඑක කොළොප්පම් කරන මෙවැනි අය රටට කරදරයක්... අපේ දරුවන් පෞද්ගලික ගුරුවරුන් හරහා අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගෙන විභාගයට ලියලා ඉවරයක් කරන්න බලබලා ඉන්නේ. ළමයින්ගෙ වයස යනවා. මෙයාලා පිස්සු නටනවා

:       3       16

ගජමිතුරු Friday, 28 January 2022 06:22 PM

ඇත්තටම මෙහෙම අය රටට පිළිලයකි. අවුරුදු ගණනක් විභාගය නැතුව සිටින දරුවන්ට මෙහෙම හරි අවස්ථාව දීම වටිනවා පැරැණි කියමනක් තියෙනවා.. පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ කියලා ජීවිත අපේක්ෂාව උපරිම අවුරුදු 80ක් පමණ වෙන මේ කාලයේ අධ්‍යාපනය අවසන් කරන්න අවුරුදු 30 ක් පමණ ගතවුණාම රටට වැඩක් කිරීමට මෙන්ම තමාටත් යමක් කරගන්න කාලයක් කොයින්ද?

:       4       12

uk ran Friday, 28 January 2022 06:22 PM

අනේ මෙහෙමත් රටක ඉන්න රට හරක්. මෙයා ඡන්දෙට සල්ලි එකතු කළා කාලයක්... දැන් මොකටද දන්නේ නැහැ එන්න හදන්නේ...?

:       3       10

kumara Friday, 28 January 2022 08:18 PM

තනිකරම විකාර වැඩමයි කරන්නේ...

:       3       10

Anil Friday, 28 January 2022 11:09 PM

තවත් මොලේ අමාරු තියෙන අය තියෙන නඩුටික අහගන්න බැරුව ඉන්නේ...!!!

:       0       2

gon rata Saturday, 29 January 2022 10:13 AM

මේ අයට පිස්සු... උසස් පෙළ කරපු අය දන්නවා ඒකෙ තරම... මේ අය 8 පාස්ද දන්නේ නැහැ...?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site