
(සුජිත් හේවාජුලිගේ )
තාක්ෂණවේදය පිළිබඳ උසස් ඩිප්ලෝමාධාරීන්ට පිළිගත් උපාධියක් ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට සාකච්ඡා ආරම්භ කළ බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා පැවසීය.
මේ සඳහා වෙනම කමිටුවක්ද පත් කරනු ලැබ ඇත.
මෙවැනි තත්වයක් ඇති කළහොත් කර්මාන්ත ඇතුළු බොහෝ ක්ෂේත්රවල පවතින ඉංජිනේරු හිඟයට යම් විසඳුමක් ලබා ගත හැකි වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද තිබෙන තත්ත්වය නම් ලංකාවට උපාධිධාරී ඉන්ජිනේරු අතිරික්තයක් තියන බව. රැකියා නෑ.රට හැර යනව.
ඉංජිනේරැවන් අඩු නං බාස්ලාට උපාධි දීලා හරියන්නේ නෑ..ඉංජිනේරැවන් රටේ තබා ගන්න හෝ නැත්නම් ඔවුන් අධ්‍යාපනය හරහා නිපදවා ගැනීම ගැන හිතන්න. ගණිතය සහ ගණිතයට අදාල සිතීමේ හැකියාව හැමෝටම නෑ. මෝඩ ලේසි ක්‍රම හැම දෙයකටම විසඳුම නොවේ. මේවායෙන් වෙන්නේ අපේ රටේ ඉංජිනේරැ උපාධියකට දැනට ලෝකයේ ඇති ඉහල පිළිගැනීමත් නැති කර දැමීමයි. උපාධි කොළ අච්චු ගසා බෙදීමෙන් නුසුදුස්සන් ඉහලට යන අතර රටට වෙන හොඳක් නැත.