(ජේ.ඒ.එල්.ජයසිංහ සහ ෂෙන් සෙනෙවිරත්න)
ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වන උපෙක්ෂා ස්වර්ණමාලි මහත්මිය පැදවූ මෝටර් රථය යතුරු පැදිය ගැටීමෙන් යතුරු පැදිය පැදවූ තරුණයකු තුවාල ලබා රෝහල් ගත කළ බව කටුගස්තොට පොලිසිය කියයි.
මහනුවර කුරුණෑගල මාර්ගයේ හාරිස්පත්තුව ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් උපෙක්ෂා ස්වර්ණමාලි මහත්මිය පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(ඡායාරූප: මොහොමඩ් ආසික්)

COMMENTS
කටුගස්තොට...? දැන් මරදානේ නැතිද..? බයවෙන්න එපා... පිරිස් ලොක්කා එයි ඇපදීලා එළියට අරගෙන ගෙදර අරගෙන යන්න...
රටට වැඩක් නොකර රටේ සල්ලි කෑමව වමාරන්නත් වෙනවා.
නුවර පැත්තේ ඕන මගුලක්... හැබැයි ගම්පහ පැත්තේ ඇවිල්ලා අහුවෙන්න එපා...
ඔය තමුන්ගේ වාසියට පැත්ත මාරු කරපු දේශපාලනේ ගැන මෙලෝ හසරක් නොදන්න තොත්ත බබානේ?
පොත්ත සුදු නම් ඇපම තමයි . බය වෙන්න එපා උපේක්ෂා
මේවා ලියන ගොඩක් දෙනෙක් කාටම හරි අපහාස උපහාස සහ නින්දා කරන්නම බලාගෙන ඉන්නේ. මිනිස්සු අතින් වැරදි වෙනවා නිවැරදි මිනිස්සු මේ ලෝකේ නැහැ. කාටම උනත් කරදරයක් උනාම ඒක එයාට නේ කියලා අපහාස කරන එල කුහක කමේ උපරිමය. පාරේ වාහන එලවනකොට තමා අනතුරු වෙන්නේ. මේක පෙනෙන හැටියට බරපතල අනතුරකුත් නෙවෙයි නම් ගොඩින් බේරගන්න එක තමා හොද. මොකද වන්දියක් දෙනවා නම් උසාවියෙන් ගන්න ගියොත් වන්දියට වඩා වියදම්.