IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


උපරිම සිල්ලර මිල - බර සටහන් කිරීම අනිවාර්යයි

(යොහාන් භාසුර)

පාරිභෝගිකයා සිල්ලර මිලට මිලදී ගනු ලබන සියලුම වෙළෙඳ භාණ්ඩවල අවසන් ඒකකය අඩංගු ඇසුරුමේ උපරිම සිල්ලර මිල සහ බර ඇතුළු තොරතුරු 7 ක් සටහන් කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක්  නිකුත් කළේය.

සියලුම ආනයනකරුවන්, සාදන්නන්, නිෂ්පාදකයන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන්, ඇසුරුම්කරුවන්, අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අළෙවිකරන්නන් සහ වෙළෙන්දන් පාරිභෝගිකයා සිල්ලර මිලට මිලදී ගනුලබන සියලුම වෙළෙඳ භාණ්ඩවල අවසන් ඒකකය අඩංගු ඇසුරුමේ, දවටනයේ හෝ බහාලුමේ පැහැදිළිව පෙණෙන පරිදි උපරිම සිල්ලර මිල, බර හෝ පරිමාව, නිෂ්පාදිත දිනය හා නැවත ඇසුරුම් කරන්නේ නම් ඇසුරුම් කළ දිනය, කල් ඉකුත් වන දිනය/භාවිතයයට ඉතා සුදුසු අවසන් දිනය/සක්‍රීය කාලය, කාණ්ඩ අංකය/කේත අංකය, නිෂ්පාදකයාගේ නම, ලිපිනය හා දුරකථන අංකය, ආනයනය කරන ලද්දක් නම් ආනයනික රට, ආනයනකරුගේ /වෙළෙඳපලට නිකුත් කරන්නාගේ නම, ලිපිනය, දුරකථන අංකය/වෙබ් අඩවිය මුද්‍රණය කිරීම හෝ ගැලවිය නොහැකි ලේබලයක් ලෙස සටහන් කළ යුතු බව එම අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

 



අදහස් (3)

උපරිම සිල්ලර මිල - බර සටහන් කිරීම අනිවාර්යයි

mahilal Thursday, 30 June 2022 01:34 PM

ග්‍රෑම් 450 ක් විය යුතු පාන් ගෙඩියක් 350කට අඩු කරලා විකුණනවා චූන් පාන් කට්ටිය. වගකිවයුතු නිලධාරිනුත් ඒව මිලදී ගන්නවා. මාසෙ 25 පඩියත් අඩු නැතුව ගන්නවා...!

:       0       2

සාගත ස්වීට්ස්Thursday, 30 June 2022 06:49 PM

සමහරක් අයගේ ග්‍රෑම් 350 ක් නැහැ... තියෙන්නේ 280 ක් හෝ 300ක් පමණයි.. නමුත් මිල සාධාරණ අයගේම මිල තමයි..

:       0       0

චමින්ද Thursday, 30 June 2022 06:53 PM

අධිකාරිය එහෙම කියනවා... සුපිරි වෙළෙඳසැලක පැකැට්ටුවේ 600 තිබියදී ඒ රාක්කයේ ඉදිරියේ 1200 ප්‍රදර්ශනය කරනවා. බිල් කවුන්ටරයේදී ඇහුවොත් අඩු ගණන දානවා.. නැත්නම් සොරි තමයි.. සමහර අවස්ථාවක ඩිස්කවුන්ට් කියලා අඩුකර පෙන්වා හොඳ නමක් ගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site