
(අංජුල මහික වීරරත්න)
උඳු ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකාවේ වාර්ෂික උඳු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20000ක් පමණ වන නමුත් එම නිෂ්පාදන වෙළෙඳ පොළට ලැබෙන කාල සීමාව හේතුවෙන් සෑම වසරකම අප්‍රේල් හා දෙසැම්බර් යන මාසවලදී වෙළඳපොලේ උඳු හිඟයක් දක්නට ලැබෙන බවට හඳුනාගෙන තිබේ.
ඒ අනුව ඉදිරි උත්සව සමයේදී වෙළඳපොලේ ඇතිවිය හැකි උඳු ඇට හිඟය වැළැක්වීම සඳහා සහ උඳු මිල ඉහල යාම පාලනය කිරීම සඳහා පියවර ගත යුතුව ඇතැයි රජය කියයි.
එබැවින් දැනට උඳු අානයනය කිරීම සම්බන්ධයෙන් පනවා ඇති තාවකාලික තහනම ඉවත් කර 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ පනත මගින් පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දට යටත්ව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව,ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා හදබිම අධිකාරිය හරහා පමණක් දේශීය අවශ්‍යතාවය අනුව උඳු ඇට මෙට්‍රික් ටොන් 2000ක් ආනයනය කිරීම පිණිස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උඳු මෙට්‍රික්ටොන් 2000ක් ආනයනය කරයි