
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස උද්ධමනය සියයට 6.5 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව දෙසැම්බර් මාසයේදී සියයට 4.2ක් වූ උද්ධමනය ජනවාරි මාසයේදී මෙලෙස සියයට 6.5ක් දක්වා ඉහළ ගියේය.
එසේම දෙසැම්බර් මාසයේදී සියයට 1.6ක් වූ ආහාර උද්ධමනය ජනවාරි මාසයේදී 4.1ක් දක්වා ඉහළ ගොස් ඇත.එසේම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද ජනවාරි මාසයේ ඉහළ ගොස් තිබූ අතර එය සියයට 8.5ක් ලෙස සටහන් විය.
ජනවාරි මාසයේ උද්ධමනය ඉහළ යාමට එකතු කළ අගය මත බද්ද හා කාලගුණය බලපෑ බවත් මෙම වසර අවසානයේදී නැවතත් උද්ධමනය සියයට 5 සීමාවට එනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නැහැ ... ඔවුන් වැඩිකර ගත්තානේ...
තමතමුන්ගේ ආදායම පමණක් වැඩිකරගෙන අනුන්ගේ උද්ධමනය අඩුවන බවට අනාවැකි කිව්වාම හරිද?
මහබැංකු අධිපති මොනාද දන්නේ නෑ කියන්නේ ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ බලන් ඇති රටට සෙතක් නෑ
කාටද ආඩම්බර? මහා බැංකුවේ වැඩ කරන අයගේ පඩි තවත් වැඩි කළ යුතුයි.