(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට වෙඩි තැබූ සැකකරුවන් හැකි ඉක්මනින් නීතිය හමුවට කැඳවීමට රජය කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයක වගකීමක් බවද ඔහු සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට කෙරුණු වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
ඒ ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච සියලු දෙනා නීතිය හමුවට කැඳවන්න කටයුතු කරන්න ඕන. මන්ත්‍රීවරයකුගේ ආරක්ෂාව තහවුරු කිරීම සියලු දෙනාගේ වගකීමක්.උද්දික මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව වැඩි කරන්න. ප්‍රහාරය ගැන ඉක්මනින් විභාගයක් කර ඒ සම්බන්ධයෙන් සැකකරුවන්ට දඬුවම් කරන්න.
රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:
මේ සිද්ධිය භයානක එකක්. වෙඩි තැබූ පුද්ගලයා සොයා ගන්නවට වඩා වෙඩිතැබීමේ කුමන්ත්‍රණය සොයා ගැනීම වැදගත්. කුමන්ත්‍රණය පසුපස ගොස් මේ පිළිබඳව කරුණු හෙළිදරව් කර ගන්න කියලා පොලිසියෙන් ඉල්ලනවා.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා:
මේක සාමාන්‍ය කාරණයක් විදියට සලකන්න එපා. සියලු මන්ත්‍රීවරුන්ට එල්ලවූ තර්ජනයක් හැටියට දකින්න ඕන. ඒ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
උද්දිකගේ වාහනයට වෙඩි තැබීම ගැන සජිත්ගෙන් ප්‍රකාශයක්
Bamunuarachchi Tuesday, 19 September 2023 11:09 AM
ඔව් ඔව් ලොක්කා ඔයා කියනකම් තමයි හිටියේ.
aravinda Monarawila Tuesday, 19 September 2023 01:23 PM
දැන් අදහස පැහැදිලියි .ගොනා හැරුනේ පොල් පැලය කන්න නොවෙයි පුන්නක්කු කන්න කියලා