IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ් බද්දට ශ්‍රී.ල.නි.පයත් විරුද්ධයි

(ඩයනා උදයංගනී)

සේවක අර්ථසාධක අරමුදලෙන් (ඊ.පී.එෆ්) සහ සේවා නියුක්තිකයන්ගේ භාර  අරමුදලෙන් (ඊ.ටී.එෆ්) සියයට 25 අධිභාර බද්දක් අයකිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සම්පූර්ණයෙන්ම විරුද්ධ බව එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

මේ වන විට විදෙස්ගතව සිටින පක්‍ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි මෙරටට පැමිණි පසු පක්‍ෂ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව සහ පරිපාලන කමිටුව එක්ව මේ ගැන සාකච්ඡා කර ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය ගැන තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙම අරමුදල්වලින් අධිභාර බද්දක් අයකරගැනීමේ යෝජනාවට විෂය භාර ඇමතිවරයා ද විරුද්ධත්වය පළ කර ඇතැයි කී ශාන්ත බණ්ඩාර මහතා සාර්ථක වනු ඇතැයි තමන් නොසිතන බව ද කීවේය.

ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේ දී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 ඊ.ටී.එෆ් සහ ඊ.පී.එෆ් අරමුදල්වලින් එම බද්ද අයකිරීම වැඩකරන ජනතාවට විශාල වශයෙන් බලපාන ප්‍රශ්නයක් බැවින් ජනාධිපතිවරයා හා  මුදල් අමාත්‍යවරයා සමඟත් ඒ ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරයා කීවේය.



අදහස් (6)

ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ් බද්දට ශ්‍රී.ල.නි.පයත් විරුද්ධයි

Bamunuarachchi Friday, 11 February 2022 07:54 PM

හලෝ, නිකන් ගොබ්බයින් වගේ අපි අකැමැතියි කියන්න එපා.. විස්තර සහිතව අකැමැති වීමට හේතු දක්වන්න. අපිට නොපෙනෙන පැත්තක් තිබෙනවා නම් බලාගන්න.

:       3       9

අලි බබා සහ හොරු Friday, 11 February 2022 10:48 PM

මහා ව්‍යාපාරවලින් බදු අඩුකර, නොගත්ත බඩු නැව්වලට කෝටි ගණන් ගෙවා දේශීය එළවළු පළතුරු අපනයනය වට්ටවා, ධීවරයින්ට මුහුදත් නැති කොට, වැඩ බැරි ගොබ්බයින් දක්ෂයින් සේ රඟපා ගොටු අල්ලමින් මොන දේ කීවත්, මේ කරන්න යන්නේ මේ රටේ බස්වල කෝච්චිවල තෙරපී රැකියාව කරන මිනිසුන්ගේ දීමනාවට විදින්න හදන එක. හිඟන්නන්ගෙන් කොටාගෙන හරි විශාලා නඩයක් නඩත්තු කරන්න එපායෑ.

:       1       3

bamunuarachchiSunday, 13 February 2022 10:19 AM

නියම නම අලි බාබා කියලා අරාබි නිසොල්ලාසයේ කියැවුණා. අදාල ප්‍රස්තුතයෙන් පිට පනින්න එපා. මම කියන්නේ අර්ථසාධක මුදල යොදවා කරන ව්‍යාපාර නැතිනම් ආයෝජනවලින් ලැබෙන ලාභයෙන් බදු අය කරන්න එපා කියන්නේ ඇයි? හේතු දක්වන්න අපිට දැනගන්න. බදු නියම කලේ ආදායම් බදු දෙපාර්තමේන්තුව. බදු පැනවීම බදු එකතු කිරීම ඔවුන්ගේ වගකීමයි. ඒ ගැන කතා කරන්න.

:       0       1

Demuni Uduwara Friday, 11 February 2022 10:54 PM

මේ ටැක්ස් වලට සියලු දෙනාටම විරුද්ධව නීති සකස් කළ යුතුයි.

:       0       2

sena Saturday, 12 February 2022 11:51 AM

එළියේ බොරුවට බයිලා කිව්වට ඇතුළෙදි අත උස්සනවනේ..!

:       0       4

Bamunuarachchi Sunday, 13 February 2022 05:32 PM

ලංකාවේ අපි බදු ගෙවන්නේ ලබා ගන්න වතුරවලට. කැනඩාවේ පාවිච්චිකර ඉවතලන වතුරටත් බදු ගෙවනවා. අපි ගාස්තු ගෙවන්නේ පාවිච්චි කරන විදුලියට... කැනඩාවේ විදුලිය කම්බි දිගේ ගෙදරට එනවාටත් ගෙවනවා. අපි ඉඩමක් අවසාන මොහොතේ දරුවන්ට ලිව්වාම රජයට ගෙවන්නේ වටිනාකමින් 1.5% මුද්දර ගාස්තු කැනඩාවේ ඉඩම ලබන දරුවා වටිනාකමින් 50%ක් රජයට ගෙවිය යුතුයි. ඔහු ඒ ඉඩම ඔහුගේ දරුවෙකුට දුන්නාම ඔහුත් ඉඩමේ වටිනාකමින් 50%ක් රජයට ගෙවිය යුතුයි. ඔන්න ඔහොමයි දියුණු රටවල බදු ගහන්නේ. ඔය බදුවලින් තමයි රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, පොලිස් සේවය ඇතුළු අනිකුත් රාජ්‍ය සේවා පවත්වාගෙන යන්නේ. අර්ථ සාධක මුදල ආයෝජන කර ලාභ උපයනවා නම් ඒ ලාභයට බදු ගැසුවාට ඇති වැරැද්ද මොකක්ද? අපි මේ බද්දට විරුද්ධයි කියන ගොබ්බයෙක් පැහැදිලි කළොත් හොඳයි... අපිට දැනගන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site