IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඊළඟ පාරත් මා එනවා:ජනපති රහසක් හෙළි කරයි

(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපතිවරණයට නැවතත්  ඉදිරිපත් වීමට තමා බලාපොරොන්තුව වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පැවැසීය.

තම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට වසර තුනක් නොව ඉන් පසුව ද තවත් වසර පහක් තිබෙන බව ජනාධිපතිවරයා  සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පැවති  සාකච්ඡාවේ දීය.

 


 



අදහස් (76)

ඊළඟ පාරත් මා එනවා:ජනපති රහසක් හෙළි කරයි

සේනක Monday, 19 July 2021 02:41 PM

අපේ ජනාධිපතිතුමා දවල් හීන දකින්න පටන් ගෙන වගෙයි. ඔබලා දෙගොල්ලොටම ඡන්දයක් දෙන්න මගේ නම් මනාපයක් නැහැ. තවත් අවුරුදු 05කට බලයට එනවා කියන්නේ අපේ සිංහලයින්ගේ රටට අබ සරණයි.

:       4513       7791

kamalMonday, 19 July 2021 04:26 PM

දැනට දේශපාලනයේ නොඉන්න අලුත් මුහුණක් ජනාධිපතිවරණයට ආවොත් අපි සලකා බලනවා.

:       75       1276

sdathre gunesekeMonday, 19 July 2021 06:55 PM

මිනීමරුවන් නිදහස් කරලා තනතුරු දෙන්නේ ... ඔබට අපගේ සහාය නැතේ...

:       70       1636

ajithMonday, 19 July 2021 07:07 PM

අපි සජිත් ගෙනෙනවා ඔහුට තමා හොඳම දැනුමක් සහ දැක්මක් තිබෙන්නේ... රටට එකම විකල්පය නම් සජිත් පමණයි...!!! 

:       561       1400

වීරවිජේMonday, 19 July 2021 08:23 PM

ඔයා උසයිද කොටයිද?

:       326       158

ramaniTuesday, 20 July 2021 07:53 AM

උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු විතරක් නෙවෙයි.., සජිත්ට දේශපාලන පරිණතකම මදි. පසුගිය මැතිවරණවලදී කතාකරේ පිටරටින් ණය නැතුව ආධාර අරගෙන දිගටම සමෘද්ධිය දීම​. දුප්පත්කමට රුකුල් දීම මිසක් දුප්පත්කම ඉවරකරන න්‍යායක් නැහැ... ජනාධිපති මැතිවරණය පැරදුණාම කිව්වේ මින්පස්සේ කැලේ ඉන්නා දිවියන් බලාගෙන ඉන්නවා කියලා...

:       0       0

KooralageTuesday, 20 July 2021 04:25 PM

අපිත් ලබන ඡන්දෙදී සජිත්ට ඡන්දෙ දෙනවා. පහුගිය ජනාධිපතිවරණයේ රනිල් එජාපයේ නායකත්වය නොදී කොච්චර කැපිලි මැද්දේද මාස 3නේ සමගි ජනබලවේගය පක්ෂය හදාගෙන ලංකාවේ ඉහළම දෙවෙනි මනාපයෙන් සජිත් විපක්ෂනායක වුනේ. අනික සජිත් පාර්ලිමේන්තු ඉතිහාසයේ අවුරුදු 22ක පළපුරුද්දක් තියෙන පරිණත, කාටත් ප්‍රියමනාප, ගමේ දුප්පතාගේ දුක හඳුනන අවංක නායකයෙක්... ගමේ දුගී දුප්පතාට නිවාස වැඩපිළිවෙලින් නිවාස දහස් ගණන් සාදාදුන්නා අපිට මතකයි. ඉතින් රටේ දුප්පතාට සේවයක් කරමින් රට ගොඩගන්න සජිත්ට ඊළඟ ඡන්දෙදී අනිවාර්යයෙන් දිනුම ලැබෙයි.

:       17       1110

kapilaMonday, 19 July 2021 11:46 PM

සජිත් ආවත් සිදුවන්නේ මේකමයි

:       0       0

senaTuesday, 20 July 2021 07:10 PM

බහුතර ජනතාවට දේශපාලනය මේ වනවිට තිත්ත වී ඇත. නමුත් සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් අලුත් මුහුණක් ඉදිරිපත් වුවහොත් අති බහුතරයක් දේශපාලනයෙන් විසිවී යනු ඇත.

:       0       6

wimal Monday, 19 July 2021 02:44 PM

ජයවේවා..!!!

:       1701       871

පප්පMonday, 19 July 2021 03:33 PM

විමල් මල්ලියෙ කාටද?

:       44       92

ChannaMonday, 19 July 2021 04:38 PM

ඔය බොරු

:       52       98

විජිත් Monday, 19 July 2021 02:45 PM

රස්නේ කාලයට ඔය වගේ ලස්සන හීන පෙනෙනවා. හොර පවුල එකතුවෙලා රට කාලා කාලා ආයෙත් කන්නද හිතාගෙන ඉන්නේ...? බලමු. මීළඟට ඡන්දෙට ඉල්ලන්න හිතාගෙන ඉන්නේ කූඩුවේ ඉඳලාද? ඔබ හිර ගෙදරක දීර්ඝ කාලීනව සිරදඬුවම් විඳිය යුතු අපරාධකාරයෙක්...!!!

:       9474       12505

rohan Monday, 19 July 2021 04:03 PM

සහතික ඇත්ත විජිත්... මේ පවුල රට විනාශ කළා. නැත්තටම නැතිකරලා චීනාටයි, අැමෙරිකාවටයි, ඉන්දියාවටයි, අරකටයි, මේකටයි පාවා දුන්නා. මෙහෙම තමන් ඉපදුණු රට පාවාදුන්නා, මහාජනතාවට බොරු කියා රවට්ටපු අපරාධකාරයෙක් ආයෙත් බලයට ගෙනෙන්න ඡන්දෙ පාවිච්චි කරන්න පුළුවන් මොලේ අමාරු කාරයෙකුට පමණයි.

:       2674       4020

Punayasoma Monday, 19 July 2021 02:47 PM

ඔව්, තව හොඳට කරන්න වෙන්න ඇති....

:       1488       1739

සෑම් Monday, 19 July 2021 02:49 PM

අපායේ ජනාධිපති ඡන්දෙට වෙන්න ඇති ඊළඟ පාර එන්නේ ....

:       1688       2257

nimal Monday, 19 July 2021 02:54 PM

ජයවේවා...!!! 

:       2140       1501

Narada Monday, 19 July 2021 02:56 PM

සමහරක් අයට ප්‍රශ්නයක් වෙයි... නමුත් මේක හොඳ පුවතක්...

:       2168       1701

Hema Monday, 19 July 2021 02:56 PM

ආයුධ ළඟ තියාගන්නට ඔබට බලපත්‍රයක් තියෙනවද?

:       1427       1713

Kumara Monday, 19 July 2021 03:03 PM

ඉංග්‍රීසීන්ගේ වහල්ලු වෙනවා නම් මීට වඩා හොඳයි..

:       4430       3100

VithanaTuesday, 20 July 2021 03:37 PM

ඒ කතාවට රාජපක්ෂ වහල්ලු බර ගානකට රිදිලා වගේ...

:       1       106

siri Monday, 19 July 2021 03:11 PM

කාට වුණත් එන්න නම් ලේසියි. මේ යන විධිහට දිනන එක නම් එච්චර ලේසි වෙන පාටක් නම් නැහැ මහත්තයෝ. යුද්ධය සිංහල බෞද්ධකම වගේ දේවල් දැන්නම් යල් පැනල වැඩියි. විකුණන්න අමාරුවෙයි.

:       1171       1795

Nihal Dharmatileke Monday, 19 July 2021 03:11 PM

කොයි රටේද? ගෝඨාභය නාමෙන් මේ රටේ නැවත ආවොත් ‘‘ගෝ ටු හෙල්‘‘ තමයි..

:       1250       1815

මෝ Monday, 19 July 2021 03:29 PM

එන්නකෝ බලන්න.

:       391       1059

Rohana Monday, 19 July 2021 03:40 PM

පසුගිය කාලේ කරන ලද කටයුතු පිළිබඳ නිවැරැදි ඇගයීමක් කළොත් නිදහස් හා සාධාරන මැතිවරණයක් තුළින් ඔබලාට නැවත බලය ලබා ගැනීම සිහිනයක්ම පමණයි. හැකිනම් දැන් පළාත්පාලන මැතිවරණයක් තියලා බලය පරීක්ෂාකර බලන්න...

:       423       1256

sachith Monday, 19 July 2021 03:41 PM

රටම හිනාවුණා... හිටපු ජනාධිපති අයම ඉල්ලලා දින්නත්, ඔබතුමා ඉතින් කුණු කූඩෙම තමයි.

:       472       1125

Nihal Monday, 19 July 2021 03:50 PM

එහෙනම් මට ඊට කලින් බෝට්ටුවක් අරන් දීලා ඉන්න...

:       392       1025

ජයන්ත මිලානො Monday, 19 July 2021 03:53 PM

ආ! එහෙනම් සිංහල දෙමල මුස්ලිම් ජනතාවෙනි, අවදියෙන් ඉන්න බුද්ධිමත් වෙන්න, කලබල කරගන්න හිතන්නවත් එපා. ඉදුරියෙදි ජාතිවාදය එන්න පුලුවන් වද බේත් එන්න පුලුවන් තව පල්ලිවල අතිවුනදේ වෙන්න පුලුවන් සිංහල රට බේරගන්න කෙනෙක් ඕන වෙන්න පුලුවන් .

:       429       1091

chandana Monday, 19 July 2021 03:53 PM

එයාගේ මේ ප්‍රකාශයෙන්ම පෙනෙනවා එයාගේ සාමාන්‍ය දැනීම මමත් එනවා අඩුම තරමින් අපේ ගෙදර ඡන්ද ටිකවත් ලැබෙනවනේ

:       416       1062

සනත් ගමගේ Monday, 19 July 2021 03:55 PM

කොරෝනා වසංගතයට අභියෝගයක් කරමින් රටේ ජනතාවට එන්නත් කරණයෙන් ජයග්‍රහණය කළ ඔබ එදා යුද විරුවෙක් ලෙසින් ජනපති සටනට පැමිණියා අද සුව විරුවෙක් ලෙසින් ජනපති සටනට පිවිසෙනවා. ජය

:       1211       563

kumar de silva Monday, 19 July 2021 03:59 PM

ආයිත් නම් අපි ඔයාට ඡන්දය දෙන්නේ නැහැ....

:       294       655

Rata Perata Monday, 19 July 2021 04:00 PM

අනේ කොහොමහරි එන්න සර්... අපිත් මේ කොහොමද සලකන්නේ කියලා හිතහිතා හිටියේ... අර ඔයා කිව්වේ ආරක්ෂක ලේකම් කාලේ වගේ වෙන්න පුළුවන් කියලා ඕනෑ නම්... අන්න ඒ විදියට තමයි අපි සලකන්න බලාගෙන ඉන්නේ...

:       313       608

Bishan Monday, 19 July 2021 04:39 PM

ෆෙල්ද පාස්ද බලන්න වෙන්න ඇති එන්නේ.

:       303       459

ලමය Monday, 19 July 2021 04:55 PM

හැම එකම අනාගෙන වැඩ බැරි ටාසන් කෙනෙක් වෙලා මෙි මනුස්සය දැන් ඉන්නෙ

:       0       0

මහකන්දේ විජිතසිරි හිමි Monday, 19 July 2021 04:56 PM

ජනපති තුමනි ඔබ තුමාගේ සෞභාග්‍යයේ දැක්ම ඉතාමත් විශිෂ්ඨ දැක්මක්. කොරෝනා වසංගතය නිසා එය ක්‍රියාත්මක ප්‍රමාද වුවත්. එය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. ඔබතුමාගේ එම දැක්ම ලෝකටම ආදර්ශයක්. අනුවණ දුර නොබලන ලග බලන අනුවණයන්ට එය තේරුම් ගන්න බැරි කම ඔවුන්ගේ අවාසනාවන්ත කම. ඔබ තුමාට තෙරුවන් සරණින් සියලු සත්වයන්ගේ ආරක්ෂාව පිහිට ලැබේවා!! සම්මා සම්බුදු සරණයි!!!!

:       4       0

පිටිගල මිලානෝ Monday, 19 July 2021 05:02 PM

ඇයි..? අර එළියට ගත්ත එකාව අගමැති කරන්නද? අහෝ... 69 ලක්ෂය...!

:       313       582

BAmunu Monday, 19 July 2021 05:07 PM

ඔබ අපිට දෙවි කෙනෙක්...

:       538       25

ලමයMonday, 19 July 2021 05:44 PM

අපේ කොල්ලාට දෙවියන් බැලුවාද? මොනවද ගෙනත් දුන්නේ...? හාල්, සීනි, පරිප්පු එහෙම ලාබෙට දෙන්න ඇති නේද? අනේ මගේ කට...

:       3       481

මහකන්දේ විජිතසිරි හිමි Monday, 19 July 2021 05:22 PM

ජනාධිපතිතුමනි, ඔබතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ඉතාමත් විශිෂ්ඨ දැක්මක්. එය ලෝකයටම ආදර්ශයක්... සොබාදහම රැකෙන මිනිස් ගුණ නැණ වර්ධනය වන දැක්මක්. කොරෝනා වසංගතය නිසා එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වුවත් එය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා... ළඟ බලන දුර නොබලන අනුවණ අයට මෙම සත්‍යය තේරුම් ගන්න බැරිකම ඔවුන්ගේ අවාසනාවන්තකමක්. තෙරුවන් සරණයි! සියලු සත්වයන්ට ආරක්ෂාව පිහිට ලැබේවා! සම්මා සම්බුදු සරණයි!!!

:       4210       2027

සෙනෙවිරත්න Monday, 19 July 2021 06:50 PM

සම්බුදු සරණයි... කියලා තමයි පටන්ගන්නේ... කෙරුවාව බල්ලාට. දුමින්දට හිරෙන් අරගෙන තනතුරු දෙන්න තරම් හිතුවක්කාර වුණා. නායකයෙකුට මේවා උචිතද? රටේ බුද්ධිමත් අය සමච්චලයට ලක්කරනවා. මෙයා පවුල හදනවාට වඩා යමක් කරන කෙනෙක් නොවෙයි...

:       50       710

බමුණු.Monday, 19 July 2021 10:34 PM

ළඟයි, දුරයි දෙකම නොපෙනෙන අණුවණයින් කව්ද, කව්ද අවාසනාවන්ත කියා හදවතට එකඟව සිතා බැලුවොත් හොඳයි. අනේ අපේ බුදුහාමුදුරුවෝ අද වැඩ සිටියා නම්, දේශපාලනයට ගැතිකම් කරන, ඔවුන්ගේ පදෙට නටන සමහර චීවරධාරින් ගැන කුමන ආකාරයේ තීන්දුවක් ගනීවිද? බුද්ධ චීවරේ ගලෝලා මොන දේ කරත් අපට කමක් නැහැ. ඒත්, ඒ චීවරය දාගෙන ලාබ ප්‍රයෝජනවලට දේශපාලකයින් වන්දනාමාන කරන එක තමයි අපට තියෙන ප්‍රශ්නය...

:       0       0

සමන්ත Monday, 19 July 2021 05:28 PM

බුදුඅම්මෝ.. මෙන්න ආයෙත් එන්න හදනවෝ. දැන් හොඳටම කරලා ඊළඟ සැරේ කරන්න දේවල් නැතුව නිකම්ම ඉන්න වෙන එකට මගේ පපුව හෝස් ගාලා දාලා යනවෝ... හැක්... හැක්...

:       301       727

යාපා Monday, 19 July 2021 05:28 PM

අනිවාර්යයෙන්ම එය වියයුතුම දෙයකි. ඊට අමතරව බොරුවට මිනිසුන් උසිගන්වන සුනඛයින් බැඳ දැමුවොත් අනිවාර්යයෙන්ම ඔබ මේ රට නොසිතූ දියුණුවකට ගෙනයන බව විශ්වාසයි..

:       1010       757

සිරිබිරිස් Monday, 19 July 2021 05:30 PM

"ජනතාව සමඟ පිළිසඳරක්" කරන්න වෙන්න ඇති. හැබැයි මිනිස්සු ගස්වලට නග්ගල ප්‍රශ්න අහනවා එහෙම නොවෙයි...

:       139       616

බණ්ඩා Monday, 19 July 2021 05:33 PM

ඔව්. කවුරු හරි එන්න එපායෑ. ඒ විදිහට එන එක හොඳයි. ආවාම එදාට මුලු රාජපක්ෂ සන්හරේටම ආයෙත් ජීවිතේට නොඑන්න හැඳි ගෑවිලා යන්න දෙන්න තමයි මිනිස්සු දැන් බලාගෙන ඉන්නේ.

:       169       604

ගමේ එකාලා Monday, 19 July 2021 05:37 PM

බලලෝභී, දූෂිත පවුල් පාලනේ ගැන තියෙන්නේ කළකිරීමක්... නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයෝ කරලා.., පවුලේ හතර වරිගෙම ඉන්න අය එකතු කරගෙන රටම කනවා...

:       30       597

Pradeepa Monday, 19 July 2021 06:14 PM

මම අන්තිම වෙලාවේ ඔබට ඡන්දය දුන්නා... නමුත් දැන්නම් දෙන්නේ නැහැ. ඔබ මගේ විශ්වාසය නැති කළා...

:       269       570

Jude perera Monday, 19 July 2021 06:24 PM

හා හොඳයි... එන්නකෝ බලන්න ආයේ එහෙනම්...

:       1       400

Dilshad Monday, 19 July 2021 06:34 PM

රාජපක්ෂලා නැති රට කාන්තාරයක් වගේ...

:       431       2

VithanaTuesday, 20 July 2021 02:58 PM

හොරුන්ට, මංකොල්ලකාරයින්ට සහ ජාවරම් කාරයින්ට...

:       19       116

සරත් රඹුක්වැල්ල. නිව්යෝර්ක්. Monday, 19 July 2021 06:48 PM

වසංගතය නිසා ඔබගේ සිහින යාත්‍රාව ප්‍රමාද වුවත්, අනෙක් රටවල් හා සසඳන විට ලාංකික ජනයා මෙතරම් හෝ බේරීම භාග්‍යයකි. අඳ බාලයකු වෙත රට පාලනය යාමට වඩා අප දන්නා ඔබ වෙත, තවදුරටත් බලාපොරෙත්තු තැබීම ලාංකිකයාගේ වාසනාවක් වනු ඇත...

:       715       182

ranjithMonday, 19 July 2021 10:05 PM

අඳ බාලයෙක් නොවෙයිද...? තවම බඩගානවා.

:       0       0

සේනක~ඉතාලියMonday, 19 July 2021 10:16 PM

රඹුක්වැල්ල කියන්නෙත් රාජපක්ෂලාට සිමා මායිම් නැතිව කඩේ යන වහල්ලු. ඒක ඒ තරම් ගණන් ගන්න වුවමනා නැහැ...

:       0       0

විපරමා Tuesday, 20 July 2021 02:32 AM

රටේ වාසනාව කෙසේ වෙතත් පවුල් පාලනේ වාසනාව පෑදිලා තියෙන්නේ .

:       0       0

VithanaTuesday, 20 July 2021 02:57 PM

කොරෝනාව ගරානාව කරගත්ත නිසයි රටට මේ විනාශය සිද්දවුනේ කියන එක තේරුම් ගන්න.

:       60       448

godfrey Monday, 19 July 2021 06:59 PM

ඒ විතරක්ද මිනිමරුවන් බේරාගෙන ඔවුන් පාර්ලිමේන්තු ගෙනැත් දැම්මා...? ඔවුන්ට ලොකු ලොකු තනතුරු දුන්නු, ආණ්ඩුවට විරුද්ධව කට ඇරියොත් ඔවුන්ට හිරබත් ගිල්ලන, ලංකාවේ ඉතිහාස ගත පොරක්, 10 ක් ඉල්ලුවාම මොකෝ.. ඇයි ඒ සැප නෙමේදෝ... 69 ලක්ෂයේ මෝඩ විකටයින්..

:       17       611

Ruhunu Monday, 19 July 2021 07:06 PM

පඹයින් නැතුව. කොන්ද පණ තියෙන මිනිහෙක් ආවොත් ඡන්දෙ දෙනවා...

:       164       385

විශ්වජාලය Monday, 19 July 2021 07:13 PM

වඩාත් විරුද්ධ මත ලැබෙනුයේ කැනඩාව, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව වැනි රටවල නිර්නාමිකව ලියාපදිංචි වෙබ් අඩවිවලින් බව පෙනේ...

:       384       121

ramani Monday, 19 July 2021 08:14 PM

මට ගොඩක් කණගාටුයි...

:       4       61

VithanaTuesday, 20 July 2021 02:54 PM

උගතුන් බොහෝමයක් රට හැර ගොස් පිටරට සිට ලියන නිසයි ඒ...

:       1       271

ganegoda Monday, 19 July 2021 07:32 PM

මෙතන ලියලා තියෙන අදහස් කියෙව්වාමයි තේරුම් ගියේ..., තව එක සැරයක් නෙවෙයි, දහ දොළොස් සැරයක් වුණත් ජනාධිපති වෙන්න පුළුවන් කියලා... හැබැයි ලංකාවේ නම් නෙවෙයි.

:       4       370

nishantha Monday, 19 July 2021 08:10 PM

එන්න පුළුවන්... හැබැයි දෙන්න නොදෙන්නේ මහජනතාව වන අපිනේ... දැන් මේ දවස්වල අපිට වෙන මුකුත් ප්‍රශ්න නැහැ. ඊළඟ ජනාධිපතිවරණයට එන නොඑන එක විතරයි දැන් මේ රටේ ප්‍රශ්නය... ඒ තරමටම රට වැසියෝ ඇති සන්තෝෂයෙන් සැපවත් ජීවිත ගතකරනවා. තම පවුලේ අමතක වෙච්චි අය එහෙම නැද්ද තනතුරු නොලැබුණු...? අපි නඩත්තු කළා නම් නොකානොබී හරි...

:       48       635

බංඩාර Monday, 19 July 2021 08:40 PM

අනිවාර්යයෙන් ඊළඟ ජනාධිපති ගෝඨාභයම තමයි .. තව අවුරුදු 3කින් මේ රටේ දේශපාලනය අද වගේ නෙමෙයි කියලා එදාට මේකේ කොටන අයට තේරුම් යාවි. අද ගන්න කාබනික පොහොර භාවිතය කොතලාවල පනත වගේ දේවල් වල ප්‍රතිඵල එනකොට සංචාරකයින් නැවත එනකොට ඔය කෑ ගහන අයට වෙන්නේ ගිය පාර වුණු දේම කියලා ලියලා තියාගන්න...

:       791       434

VithanaTuesday, 20 July 2021 02:06 PM

ඒ වෙනකොට ඔබට මොනවා වෙලා තියෙයිද කවුද දන්නේ? ඒ තරමට අපේ ජීවිත අවිනිශ්චිත කළා මේ ආණ්ඩුව...

:       0       174

VithanaTuesday, 20 July 2021 02:48 PM

සංචාරකයන් ගෙන්නලා තමයි මේ විනාශය කලේ. කාබනික පොහොර වෙනුවට පාවිච්චි කරන්න වෙන්නේ මිනී ඇටකටු තමයි..

:       0       151

Don perera Monday, 19 July 2021 08:46 PM

තාමත් රටේ හරක් ඉන්නවා...

:       383       426

Newton Monday, 19 July 2021 09:09 PM

මම කලින් කරපු ගොන් වැඩේ නම් අායේ කරන්නේ නෑ ජනාධිපතිතුමනි. ආයේ නම් ඉල්ලුවාට දිනන්න නම් සිහින දකින්න එපා. මිනිස්සු ඔබතුමා ගැන හොඳටම කලකිරිලයි ඉන්නේ...

:       0       0

Kumara Monday, 19 July 2021 10:02 PM

එක වහලෙක් දාන ඩිස්ලයික්... අපි ගණන් ගන්නේ නැහැ...

:       0       0

Demuni Uduwara Tuesday, 20 July 2021 04:27 AM

පළමුව නීතිවිරෝධීව උපයාගත් මුදල් අාපසු දෙන්න...

:       0       0

Gamini Tuesday, 20 July 2021 08:54 AM

හන්තාන තේ කර්මාන්ත ශාලාවත් වනසනවා. මහින්දානන්ද ඇමතිතුමනි, ජනාධිපතිතුමනි, මේක ටිකක් හොයලා බලන්න...

:       0       0

Vithana Tuesday, 20 July 2021 01:59 PM

ඡන්දෙට එනවා කියන එක වෙන්න ඇති ඔය කියන්න ඇත්තේ. ජනාධිපති වෙනවාද? නැද්ද? කියන එක තීරණය කරන්නේ නම් අපි මිසක් ඔබතුමාවත් දුමින්ද සිල්වාවත් නෙවෙයි මහත්තයෝ...

:       0       174

Vithana Tuesday, 20 July 2021 02:46 PM

සුව විරුවෙක් වෙන්නේ කොහොමද? එයාගේ ප්‍රමාදය නිසා අද වෙනකොට මියගිය ගණන 3500ත් පහු කළා. දවසට අලුතෙන් 30ක් 40 ක් මැරෙනවා. අලුතෙන් ලෙඩ්ඩු 1000ක් පන්නලා එකතු වෙනවා. රට පුරා ඉස්පිරිතාල පිරිලා....

:       72       170

sumane Tuesday, 20 July 2021 03:54 PM

සිය පවුලේ රැකීරක්ෂා සහ ආර්ථික ප්‍රශ්න මේ තරම් හොඳින් විසඳාගත්ත නිසා තව සැරයක් දෙන්නම ඕනේ. එතකොට ඔබතුමාගේ බල්ලන්ට හා පූසන්ටත් පාර්ලිමේන්තු හා රජයේ උසස් නිලතල ලබාදෙන්න පුළුවන්නේ. පවුල් බලයක ක්‍රියාකලාපය..!!!

:       1       96

ranjan Wednesday, 21 July 2021 07:55 AM

තව හොරුන්, මිනීමරුවන් ඉතිරිවෙලා ඉන්නවද නිදහස් කරන්න..? ජනතාවට නම් යහපතක් වුණේ නැහැ.

:       0       8

Malika Wednesday, 21 July 2021 08:21 AM

කවුද කිව්වේ ඡන්දෙන් එනවා කියලා? ඉන්න හදන්නේ ඡන්දයක් නොතියා. ඔන්න බලන්නකෝ වෙන දේ... මෙයාලට දුන්නොත් වැඩ වරදින බව කීවේ මුලින්මයි. ආපහු එළවීම නම් බොරු වෙයි. පුතණ්ඩියාට කල වයස හරි යනකම් අල්ලන් ඉඳියි.. මෙයාලට රට වැසියා මොනවා කරත්, කීවත් වගක්වත් නෑ. තමන්ගේ ඉලක්කය හරි යනකම් හොඳින් බැරි වුණොත් බලෙන් හරි ඉඳීවි...

:       0       62

Silva Thursday, 22 July 2021 08:55 AM

රටක දේශපාලනය් තේරෙන්නැති මිනිස්සු තමයි දැන් ඉන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 152 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 502 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 507 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1311 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2763 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1810 1

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site