
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සංවිධානය ද තහවුරු කර ඇත.
ඊබ්‍රහීම් අකිල් ට අමතරව තවත් හිස්බුල්ලා සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරීන් කීප දෙනකු ද මෙම ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියගොස් ඇතැයි ද පැවැසෙයි.
ගුවන් ප්‍රහාරය එල්ල වූයේ දහියේ පළාතේ ස්ථානයකටය. ප්‍රහාරයෙන් මියගිය පිරිස 14 ක් බව පැවැසෙයි. තවත් බොහෝ දෙනෙක් තුවාල ලැබූහ. ප්‍රහාරයෙන් විනාශ වුණු නිවාස සහ ගොඩනැගිලි සුන්බුන් අතරේ තවත් කීප දෙනෙකු සිරවී සිටින බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම්! ඔය ජාතිය ලෝකෙටම පිලිලයක්.