
(අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායල් රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගත වූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 1154 දෙනකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා හිමි වූ 22 දෙනකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම පිරිස අද (18)ඊශ්‍රායලය බලා පිටත්වීමට නියමිතව ඇත.
එසේම තවත් 32 දෙනෙක් ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව යාමට සූදානමින් සිටිති ඒ අනුව කණ්ඩායම් 4 ක් ඊශ්‍රායලය බලා පිටත් වීමට නියමිතව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
COMMENTS
ලංකාවට වෙන්නෙත් පලස්තීනයට වෙච්ච දේ තමයි කොටි ගරිල්ලන්ට මැරෙන්න ඉගෙන්නුවේ කවුද? ලාංකියන්ට වටින්නේ මිනිස් ජිවිතවත් යුක්තියවත් නොවෙයි ඩොලර් නිසා
කොල්ලනෙ ගියා වගේ නෙමෙයි එහේ විනාඩි පහක් වැඩකරල පැයක් හැති අරින්න නම් බැහැ.
ඇයි මේ තරුණ පරපුර කම්කරු රැකියා සඳහාම පොලඹවන්නේ ? හැම රජයක්ම සහ කාර්යාංශයම එකතුවෙලා කම්කරුවන් රට යවලා උඩ පනිනවා මහා ලොකු දෙයක් කළා කියලා. හොඳ පුහුණුවක් සහ අධ්‍යාපනයක් දී හොඳ රැකියා සඳහායි යවන්න උනන්දු වෙන්න ඕන.