IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ඊශ්‍රායල අගමැති ඉරාන වැසියන් අමතයි

ඉරාන රජය දැඩි ලෙස විවේචනය කරමින්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඉරාන වැසියන් ආමන්ත්‍රණය කරමින් විශේෂ වීඩියෝ පණිවුඩයක් නිකුත් කළේය. 

අතීතයේ ඉරානය හැඳින්වූයේ පර්සියාව යනුවෙනි. අග්‍රාමාත්‍ය නෙදන්යාහු ඉරාන වැසියන් ආමන්ත්‍රණය කළේ ඉංග්‍රීසි බසිනි. ඊට අමතරව අග්‍රාමාත්‍යවරයා පැවැසූ දේ, පර්සියානු බසින් උපසිරැසි ගැන්වීමක් ද කර තිබුණි.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ප්‍රමුඛ ඉරාන රෙජීමය, කලාපීය වශයෙන් ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවටත්, ඉරාන වැසියන්ගේ යහපත ගැන නොසිතා ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන බවටත් එම වීඩියෝ පණිවුඩය හරහා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා චෝදනා නැගුවේය. අග්‍රාමාත්‍ය නෙදන්යාහු ඉරාන වැසියන් ආමන්ත්‍රණය කළේ පර්සියානුවන් යනුවෙනි.

“අතීතයේ ඊශ්‍රායල යුදෙව්වන් සහ ශ්‍රේෂ්ඨ පර්සියානුවන් අතරේ යහපත් සබඳතා පැවැතුණා. සමීප මිත්‍රත්වයක් පැවැතුණා. එකිනෙකා කෙරෙහි ගෞරවයක් පැවැතුණා. ඒ සියල්ල වෙනස් කරමින් ඊශ්‍රායලයට වෛර කිරීමට උගැන්නුවේ ඉරාන පාලකයන්. ඔබේ පාලකයන් ඔබ විනාශය කරා ගෙන යනවා. ඒත්, ඉතාමත් ඉක්මනින් ඒ අවසන් වේවි.” යැයි අග්‍රාමාත්‍ය නෙදන්යාහුගේ පණිවුඩයේ සඳහන් විය.

“ඔබ දරිද්‍රතාවයෙන් මිරිකිලා. ආර්ථික ගැටලුවලින් හෙම්බත් වෙලා. ඔබට ප්‍රමාණවත් යටතල පහසුකම් ඇත්තේ නැහැ. බොන්න පිරිසුදු වතුර නැහැ. ඔබේ ජීවන තත්ත්වයේ උසස් වීමක් ඇත්තේ නැහැ. ඔබේ රජය ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දෙනවා. තමන්ගේ රට වැසියන් ගැන තැනීමක් නැහැ. ඒත් ඉක්මනින් ඒ දේවල් වෙනස් වේවි. පර්සියන් වැසියන් යළි සමෘද්ධිය කරා යාවි. ගෝලීය ආයෝජන ඇති කර ගැනීමට හැකි වේවි. සංචාරක කටයුතු දියුණු වේවි. සමාජීය වශයෙන් ඉරාන වැසියන් දියුණු වේවි. සියල්ල ඉක්මනින් වෙනස් වේවි. ඉරාන වැසියන්ට ඉක්මනින්ම නිදහස හිමිව්වි.” යැයි අග්‍රාමාත්‍ය නෙදන්යාහු එම වීඩියෝ පණිවුඩයෙන් අවධාරණය කළේය.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමටත්, ඉරාන ඉස්ලාමීය රෙජීමයේ නායකයන් එකිනෙකා ඝාතනය කිරීමටත් ඊශ්‍රායලය සූදානමින් සිටී. ඉරාන මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ආරක්ෂිත ස්ථානයකට යොමු කර ඇති බවය.

ඊශ්‍රායලය, මේ වනවිට ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සමඟ ගැටෙයි. ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ලෙබනනයට ගුවන් ප්‍රහාර එල්ල කරයි. පසුගිය දා එසේ එල්ල කළ ප්‍රහාරයකින්, ලෙබනනයේ බීරූට් අගනුවර, බංකරයක සැඟවී සිටි ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඝාතනය කෙරුණි.

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ටත්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ටත් මුදල් ආධාර, අවි ආයුධ, අවි පුහුණුව ලබා දෙන්නේ ෂියා මුස්ලිම් ඉරානයයි. ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව යන අතරතුරේ, ඊශ්‍රායලය සූදානම් වන්නේ ඉරානයට පහර දීමටය.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

ඊශ්‍රායල අගමැති ඉරාන වැසියන් අමතයි

charith Tuesday, 01 October 2024 10:24 AM

ලෝගුවෙන් වහන් ඔක්කොම ජරා වෑඩ ටික ගරරාමෙට කරනව..නෙතනියාහු ඇතතම කිව්ව මොනව උනත්....සිරි ලන්කාවටත් ඔය ටික තමයි කියන්න වෙන්නෙ

:       4       36

කිරිහාමි Tuesday, 01 October 2024 10:43 AM

ඉරානය ඉස්සර තිබුණෙ කොහොමද, මිනිස්සු මොන විදිහටද හැසිරුණේ, මොන විදිහෙ ඇඳුම් පැළදුම්ද ජනප්‍රිය වෙලා තිබුණෙ කියල පොඩි අවබෝධයක් ගන්න 1979 ට කලින් ගත්ත ඡායාරූප, වීඩියෝ යූටියුබ් එකෙන් බලන්න පුළුවන්. හුඟක් අයට පුදුම හිතෙයි.

:       1       44

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1527 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 486 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site