(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විල්පත්තුව ජාතික වන උද්‍යානය මායිමේ අරුවක්කාඩුව පුරා විද්‍යා අධි සංවේදි පරිසර පද්ධතියක් තුළ නිසි නිත්‍යානුකුල අවසරයකින් තොරව පවත්වාගෙන ගිය ඉල්මනයිට් සේදීමේ ස්ථානය වලාන පානදුර මධ්‍යම දුෂණ ප්‍රහාරක බළකාය අදාල පරික්ෂණ අවසන් වන තුරු පොලිස් භාරයෙ තැබිමට පුත්තලම දිසා විනිසුරු මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා 11 දින නියෝග කළේය.
මෙම නියෝගය නිකුත් කෙරුණේ අදාල ඉල්මනයිට් සේදිමේ දේශීය සමාගම විසින් පරිසරය වනසමින් භු විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයෙ නිසි අවසරයකින් තොරව පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව ලබා දුන් නියෝගවලට පටහැනිම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලැබුන පැමිනිල්ලක් මත වලාන පානදුර මධ්‍යම දුෂණ ප්‍රහාරක බලකාය ෙඅදාල ස්ථානය වටලා එහි සියලු යන්ත්‍ර සුත්‍ර ඇතුළු කර්මාන්ත භුමිය තම භාරයට ගැනිමෙන් පසු ඒ සම්බන්ධව පුත්තලම අධිකරණයට අද කරුණු දැක්වීය.
අදාල ඉල්මනයිට් සේදීමේ ස්ථානය විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ පේරක කලාපයට මායිම්ව පුරා විද්‍යා අධි සංවේදි පරිසර පද්ධතියක් තුළ දැවැන්ත කැණිම් කරමින් වසර සිය ගණනක් පැරණි වෘක්ෂයන් ඩෝසර යොදා ගනිමින් වනසා සිමෙන්ති සංස්ථාව පවා නොමග යවමින් මේ වනවිට සිමේන්ති නිශ්පාදනයට ලබා ගන්නා හුණු ගල් තට්ටුවට උඩින් වු පස් ලබා ගෙන ඉල්මනයිට් ඉල්මනයිට් ලබා ගැනිම සිදුව තිබු බව කියයි.
ඉල්මනයිට් සේදීම හේතුවෙන් දැවැන්ත පරිසර හානියක් සිදුව ඇති බවට වලාන පානදුර මධ්‍යම දුෂණ ප්‍රහාරක බලකාය අධිකරණයට කරුණු වාර්තා කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඉල්මනයිට් සේදීමේ ස්ථානය පොලිස් භාරයට