
අපේ රට, මුළු වසර පුරාවටම හොඳින් හිරු එළිය ලැබෙන සමකයට ආසන්නව පිහිටි රටකි. කුඩා කාලේ සිටම අපි ඉගෙන ගත් විද්‍යාත්මක කරුණුවලට අනුව උදෑසන කාලයේදී සූර්යාලෝකයට නිරාවරණය වීමේදී සමෙහි විටමින් D නිපදවෙන බව අපි දනිමු.
තත්ත්වය එයාකාර වුවද සමීක්ෂණ වාර්තාවකට අනුව ලංකාවේ නාගරික ජනගහණයෙන් සෑම තුන් දෙනෙකුගෙන්ම එක් අයෙකු (31%) විටමින් D ඌණතාවයෙන් පෙළෙන අතර මුළු ජනගහනයෙන් අඩකටත් වඩා පිරිසකගේ (59%) ශරීරයේ විටමින් D මට්ටම ප්‍රමාණවත් නොවන බවද හෙළිවී ඇත.
හිරු එළිය නොඅඩුව ලැබිලත් රටේ ජනගහනයෙන් සෑම තුන්දෙනෙකුගෙන් අයෙක්ට විටමින්-D ඌනතාව යැයි පැවසීමම විමතියට කරුණක් වනු ඇත. දකුණු පළාතේ කාන්තාවන් කේන්ද්‍රය කර ගනිමින් සිදුකළ සමික්ෂණයකින්ද මීට සමානප්රතිඵල ලද අතර අඩකට වඩා වැඩි පිරිසකගේ (56%) විටමින් D මට්ටම ප්‍රමාණවත් ෙනාවන බවට තහවුරුව ඇත.
විටමින් D වැදගත් ඇයි?
ආසාදනවලින් ආරක්ෂා කොට ප්‍රතිශක්තිය උපරිම මට්ටමෙන් පවත්වාගැනීමට උපකාරීෙව්.
ශ්වසන රෝග වළක්වාලයි.
අස්ථිවල ශක්තිමත්භාවය සඳහා අත්‍යාවශ්‍ය වේ.
මාංශ පේශිවල මෙන්ම මොළයේ ක්‍රියාකාරීත්වයට වැදගත් ය.මෙයාකාරයෙන් සෞඛ්‍ය සම්පන්න ක්‍රියාශීලී ජිවිතයක් පවත්වා ගැනුමට ඉතා වැදගත්වන පෝෂකයක් මෙලෙස ඌණ වීම අපට සුළු කොට තැකිය නොහැකිය.
හිරු එළිය වැටෙන එළිමහනේ වැඩිපුර කාලයක් ගත කරන සක්‍රීය ජීවිතයකට හුරු වී සිටි අපේ මුතුන්මිත්තන් ගතකළ ජීවන රටාව වෙනස් වෙමින් වැඩි වැඩියෙන් සංවෘත භූමිවල රැඳී සිටින්නට අප හුරු වී සිටීම මෙයට එක් හේතුවකි.
විටමින් D ඇතුළත් ආහාර

සාලයා, සූඩයා, හුරුල්ලන්, බෝල්ලු වැනි තෙල් සහිත මත්ස්‍යයන්, බිත්තර කහමදය, රතු මස්, සත්ව අක්මාව (පීකුදු ) මෙන්ම සහ පිටතින් විටමින් එක් කරන ලද ආහාර වර්ගවල විටමින් D අඩංගු වේ.
එහෙත් අවශ්යතට සරිලන තරම් ප්‍රමාණයක් අප අතරින් බොහෝ දෙනකුට එදිනෙදා ආහාර රටාව තුළින් නොලැබී යයි. එම නිසා ඉහත කී ආහාර හැකි තාක් කෑම වේලට එකතු කරගත යුතුයි. එසේම අප මුලින් සඳහන් කළ පරිදි හිරු එළියට නිරාවරණය වීමෙන් දිනපතා අවශ්‍ය විටමින් D ප්‍රමාණය සිරුර තුළම නිපදවා ගැනීම කළ හැකි ආකාරය ගැන දැනුම්වත් වීම සහ ඒ අනුව ක්‍රියාත්මක වීමද ඉතා වැදගත්ය.
විටමින් ‘ඩී‘ නොමිලේම
මේ දිනවල රටේ පවතින ගැටලුකාරී වාතාවරණය සමග ආහාර මගින් විටමින් ‘ඩී‘ සපුරා ගැනීම සැමටම පහසු නොවේ. එබැවින් කාලීන වැදගත්කමකින් යුතු විකල්පයක් කෙරෙහි අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවකි.
උදෑසන 10 ත් සවස 3ත් අතර විනාඩි 15ත් - 30ත් අතර කාලයක් හිරු එළියට නිරාවරණය වීමෙන් අපට විටමින් D ලබා ගත හැකියි. ශරීරයට අවශ්‍ය සම්පූර්ණ විටමින් D ප්‍රමාණය නිපදවා ගැනීමට නම් මෙය දිනපතා අඛණ්ඩව සිදු කළ යුතු යි.
හිරු එළියට නිරාවරණය වන කාලය ඇතුළත ව්‍යායාම, ගෙවතු වගාව හෝ වෙනත් ඕනෑම ඔබ කැමැති කාර්යයක නියැළීමට පුළුවන.
මේ ගැනත් අවධානය යොමු කරන්න
ඔබට යම් සමේ රෝග තත්ත්වයක් හේතුවෙන් හිරු එළියට නිරාවරණය
නොවන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති නම් මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් වලකින්න. එමෙන්ම ඔබ යම් රෝගයක් සඳහා දිගු කාලීනව ඖෂධ ලබාගන්නා කෙනෙක් නම්, හිරු එළියට නිරාවරණය වීමේ ගැටලුවක් තිබේ දැයි ඔබේ වෛද්‍යවරයාගෙන් කල් ඇතිව විමසා දැනගැනීමත් වැදගත්ය. යම් හෙයකින්, හිරු එළියට නිරාවරණය වීමේ දී සමෙහි අපහසුතාවත් ඇති වේ නම් එය වහාම නවතා වෛද්‍ය උපදෙස් වෙත යොමු වන්න.
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලබා දුන් විස්තර ඇසුරින් සැකසිණි)
-සටහන- මාධවී ධර්මරත්න
2025 දෙසැම්බර් මස 04
477
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
467
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉර එළිය නොඅඩුව ලැබුණත් විටමින් -D ඌණතාවෙන් පෙළෙන්නේ ඇයි?
santhu Monday, 12 September 2022 11:38 AM
හරියට හරි... යුරෝපීයයන් ග්‍රීස්ම සෘතුවේදී පමණක් නොව ශිත කාලයේදී පවා ස්වභාවික නොමිලේ හිරු එළිය ලබාගන්නවා. විශේෂයෙන් වැඩිහිටි, මහළු පිරිස... නැතිනම් විශාල මුදලක් වැයකර එය ලබාගන්න වෙනවා...