
(මනෝප්‍රිය ගුණසේකර)
ඉන්ධන ගාස්තු අද (23) මධ්‍යම රාත්‍රීයේ සිට යළිත් වරක් ඉහළ දමා ඇත.
ඔක්ටේන් 92 වර්ගයක පෙට්‍රල් ලීටරයක් රුපියල් 83/-කින්ද ඔක්ටේන් 95 වර්ගයක පෙට්‍රල් ලීටරයක් රුපියල් 77/-කින්ද ඉහළ දමා ඇතැයි වාර්තා වේ.
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111/-කින්ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 116/-කින්ද ඉහළ දමා ඇති අතර ඒ අනුව රුපියල් 289/-ක්ව පැවැති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 400/-ක් වන අතර රුපියල් 329/-ක්ව පැවැති සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 445/-ක් වන බව වාර්තා වේ.
පසුගිය අප්‍රේල් මස 19 වැනිදා අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමු අතර මාසයකට ආසන්න කාලයකින් අනතුරුව ඉන්ධන මිල මෙලෙස නැවත වරක් ඉහළ දමා ඇත.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
තෙල් උත්පාදනය කරන යුරෝපා ධනවත් රටවල පෙට්‍රල් ලීටරයක් රුපියල් 750 කි..! ණයට ඩොලර් අරගෙන කොච්චර අඩුවටද ලංකාවේ පෙට්‍රල් විකුණන්නේ..?..!!
අවස්ථා දෙකකදී ලංකාවේ දැවැන්තම මිල වැඩි කිරීම් දෙකක් සිදුකල නව බලශක්ති ඇමති තුමා ඔබ අසමත්.
අපිට දැන් ඉතින් පයින් යන්න තමා වෙන්නේ
පෙට්‍රල් 95 සහ සුපර් ඩීසල් පාවිච්චි කරන්නෙ පොහොසත් මිනිස්සු නිසා ඒ වර්ග දෙක ලීටරය රුපියල් 1000 කලයුතුයි.
කූරගල සිංහයා දෙස බලාගෙන බඩගින්නේන්ග් ඉන්න "අර්බුදයෙන්" රට බේරගත්තා -කන්ඩ නැති උනත් ඉන්ඩ රටක් තියනවා දෙන් - ඉදිරියේදී තවත් සහන ලබාදෙනවා -තනි සිංහල ආණ්ඩුවක් සහ තුනෙන් දෙකේ බලයක් දුන් ඔබට ඉස්තූති ..!
ඕකටද පරණ මූණු දාල අලුත් ආණ්ඩුවක් හැදුවෙ. ජනතාව ටික ටික මරණව. ජනතාවට දැන් තමන්ගෙ වාහනයක තියා පොදු ප්‍රවාහණයකවත් යන්න බැරි තත්වයක් උදා වෙලා.
ඔන්න ජාත්‍යන්තරය දිනු අපේ රනිල් අගමැතිගෙන් ජනතාවට ලැබුණු බර මල්ලක්. රටටත් ජනතාවටත් හොඳ අනාගතයක් දෙන්න ආපු රනිල්ගෙන් මේවාද ජනතාවට බලාපොරුත්තු වුනේ?
ඉතාමත්ම හොඳයි. ඉන්ධන මිල වැඩිකළ යුතුයි. බයිසිකල්, කරත්ත වැනි දේ ප්‍රවාහනය සඳහා යොදාගත යුතුයි. කටින් පාරම්බෑවාට පලක් නැහැ ක්‍රියාවෙනුත් අපි දේශීයත්වය අගයන හෙළයේ යක්ඛයින් බව ලෝකෙටම ඔප්පු කල යුතුයි. සුද්දන්ගේ හා තම්බින්ගේ බැලමෙහෙවර කරමින් හම්බකරන මුදල් ලංකාවට එවලා මේ රට ලෝකෙටම ලොක්කන්ගේ රට බවට පත් කලාම කාටද ආඩම්බර. එතකොට අර සුද්දෝ අපිට හදල දුන්නු තෙල් ටැංකි ටිකත් පුරෝ ගන්නවා ඒ සල්ලි වලින් ෂෝක් එකට...
ඉන්න 225 ම එළවලා අලුත් ආණ්ඩුවක් එනකන් රටට කිසිම සෙතක් නැහැ.
තෙල් සංස්ථාවේ (CEYPETCO) අලාභයන් මග හරවා ගැනීම සඳහා මෙම මිල ඉහළ දැමීම සිදු කර ඇත. කෙසේ නමුත් තරගකාරී සමාගමක් වන ලංකා IOC සමාගම පැවැති මිල ගණන් යටතේ සිය ලාභය ඉහළ නංවා ගැනීමට කටයුතු කර ඇති බව එම ආයතනයේ මූල්‍ය ප්‍රකාශන අධ්‍යයනයේ දී නිරීක්ෂණය වේ. තෙල් සංස්ථාවේ මුල්‍ය ප්‍රකාශන නිරීක්ෂණය කළ නොහැකි විය. කෙසේවෙතත් ආයතන දෙකම එකම මිල ගණන් යටතේ තෙල් ලබා ගන්නා බැවින් සමාන දළ ලාභ අනුපාතික යටතේ එක් ආයතනයක් ලාභ ලැබීම හා අනෙක් ආයතනය පාඩු ලබීම සිදුවන්නේ නම් එය පාඩුලබන ආයතනයේ කළමනාකරණ දුර්වලතා හේතුවෙන් සිදු වන්නකි. මෙම මිල වැඩිකිරීම සියලුම කර්මාන්ත කෙරෙහි සෘජු හා වක්‍ර බලපෑමක් එල්ල කරන අතර, ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය හා ප්‍රවාහන ක්ෂේත්‍රය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරයි. එක් ආයතනයක අවිධිමත් කළමනාකරණය, සම්පූර්ණ රටක ආර්ථිකය කෙරෙහි සිදුකරනු ලබන අනිසි බලපෑම පිළිබිඹු කිරීමට මෙම සිදුවීම කදිම උදාහරණයකි..