
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉන්ධන මත පනවා ඇති බදු ඉක්මනින්ම අඩු කිරීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සමග ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරියේදී ලබාදෙන බව පැවසූ අමාත්‍යවරයා තෙල් සංස්ථාව පාඩු වුණේ කෙසේදැයි එහිදී තොරතුරු හෙළිදරව් කරන බවද ප්‍රකාශ කළේය.
COMMENTS
ඇමටිතුමෝ, මතක ඇතිව කාංචන ගත්ත සල්ලිත් අය කරගන්නා හොඳේ.
පරණ බොරු නැවත කියවීම ඡන්ද අඩුවීමට හේතුවෙනවා. අතරතුර වදුරෙක් එහෙම පැටලුනාම තවත් ජන්ජාලයක් වෙනවා.
කරුණාකර ඔය රැවටීම අවශ්‍ය නැත. ඔබේ රජයෙන් තවදුරටත් අපි සැපවත් ජීවිත අපේශාවක් නැත. ප්‍රාග්ධන, පුනරාවර්ථන මේ හැම පැත්තකටම බදු පිට බදු ගැසූ ඔබේ අයවැය අපි හොඳින් තේරුම් ගත්තා. ඔබේ උපරිමය හොඳින් තේරුම් ගත්තා.
ඉතා කෙටි කලකින්ද? දැන්නම් ඕවට සෙනෙවිරත්නවත් රවට්ටන්න බැහැ.