
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් යෝධ සර්පයෙකුගේ පොසිල අස්ථි කැබලි ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයෙන් හමුවී ඇත.
බටහිර ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ පතලකින් සොයාගත් මෙම යෝධ සර්පයාගේ පොසිල අස්ථි කැබලි අනුව උගේ දිග අඩි 36ත්, 50ත් අතර සහ බරින් ටොන් එකක් වන්නට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.
මෙම සර්පයා 'වාසුකි ඉන්ඩිකස්' යන නමින් නම් කර ඇත. වාසුකී යනු, ශිව දෙවියන්ගේ ගෙළ වටා සිටින නාග රාජයාය.
පිඹුරු විශේෂයකට අයත් බව පැවැසෙන මෙම පැරණි යෝධ සර්පයා වසර මිලියන 47කට පෙර ඉන්දියාව පුරා වාසය කරන්නට ඇති බවට විශ්වාස කෙරෙන අතර, මෙතෙක් ජීවත් වු විශාලතම සර්පයන්ගෙන් එකෙක් විය හැකි බවයි විද්‍යාඥයන් මත පළ කරන්නේ.
COMMENTS
දැන් පොඩ්ඩක් නිහඬව සිටියත් ඔය සර්පයා හඳුනාගත් පිරිසක් ලංකාවේ ඉන්නවා.. ඒ කට්ටිය ඔය සර්පයා හඳුනාගෙන බොහෝම කාලයක් වෙනවා.
අපේ රටෙත් ඔය වගේ යෝධ සර්පයින් 226ක්ම ඉන්නවා...
ඕක මොකක්ද ලංකාවේ පන්සලකින් ආපු නයා එක්ක බලනකොට
දැන් ඉන්දියාවේ මහ මැතිවරණ පැවැත්වෙන කාලය නිසා ඔහොම අද්භූත නාගයින් මතුවීම පුදුමයක් නොවේ...! ගෝඨාභය ලොක්කගේ කාලයේත් ප්ලාස්ටික් වතුර බෝතලයකට දාපු විශාල ‘‘නාගයෙක්‘‘ මතුවුණු බව අපට මතකයි. එහෙත් භාරතයෙන් හමු වුණු වර්ගයේ නයෙක් නම් බෝතලයකට දමන්න මෝදිට බැරි වේවි..!