
( ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාව තුළ අපරාධ රැසක් සිදු කර ඉන්දියාවට පළා ගොස් සිටි , රජයේ ලියාපදිංචි අපරාධකරුවෙකු , ගමන් බලපත්‍ර නොමැතිව ඉන්දියාවේ රැදී සිටියදී , එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන පිටුවහල් කර ඇති අතර , ඔහු කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියදී , ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
46 හැවිරිදි මෙම පුද්ගලයා රත්නපුර , කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
මොහු රත්නපුර , කුරුවිට ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 50 ක මුදලක් කප්පම් ලෙස ලබා ගැනීම , මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම සහ මිරිහාන ප්‍රදේශයේ දී ජීව අත් බෝම්බයක් ළග තබා ගැනීම සහ මිනීමැරුම් කීපයක් සිදු කර සිටියදී , මෙරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අවිස්සාවේල්ල , ගල්කිස්ස රත්නපුර සහ තවත් අධිකරණ ක්‍රියාමාර්ග සදහා යොමු කර තිබුණි .
එහිදී මොහු එම අධිකරණ මග හැර බෝට්ටුක නැගී ඉන්දියාව වෙත පළා ගොස් සිටියදී , ඉන්දීය ආරක්ෂක අංශ විසින් ගමන් බලපත්‍ර නොමැතිව , නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වී සිටීම නිසා , මොහු යළිත් මෙරටට පිටුවහල් කිරීමට ඉන්දීය ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිමාන්ඩ් කරලා ටික දවසක් ඉඳලා ඇප අරන් රට පනිනවා. කරුණාකර මේ අපරාධ කරුවන්ට විරුද්ධව තිබෙන එක නඩුවක් හෝ කඩිනමින් විසඳලා තීන්දුවක් දීලා... සිර දඩුවම් නියම කරන්න... ඊට පස්සේ හිරේ ඉන්න කොට පුළුවන් අනෙක් නඩු විභාග කරන්න. ප්‍රශ්න කරන්න කියලා මොවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන්න එපා. එතැන මොවුන්ට සුර සැප, රිමාන්ඩ් එකේ ඉන්න අරින්න ඕනේ ප්‍රශ්න කිරීමක් නිලධාරීන්ට හිර ගෙදරට ඇවිල්ලා කරගන්න කියන්න.
රජයේ ලියාපදිංචි නම් අත්අඩංගුවට ගන්නේ ඇයි ලයිසන් තියෙනවනේ...