IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඉන්දීය පොහොර ’’විභාගය’’ සමත් වෙි

(අංජුල මහික වීරරත්න)

ඉන්දියාවෙන් දුන් යූරියා පොහොර ශ්‍රී ලංකාවේ වී වගාව ඇතුළු අනෙකුත් වගාවන් සඳහා යෙදීමට සුදුසු බව ජාතික පොහොර ලේකම් කාර්යාලය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට වෙත දැනුම් දුන්නේය.

ඉන්දීය රජය විසින් මෙරටට ලබාදුන් යූරියා පොහොර සම්බන්ධව ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් මෙරට දී ප්‍රමිති වාර්තාවක් ලබා ගත් අතර ඒ අනුව මෙරට රසායනාගාරයකට පොහොර සාම්පල් යවා ඒවායේ අන්තර්ගත බයියුරේට් ප්‍රතිශතය සම්බන්ධව වාර්තාවක් ලබා ගෙන තිබෙි.

එම යූරියා පොහොරවල බයියුරේට් ප්‍රතිශතය 0.9% ක් බව එම වාර්තාව සනාථ කර තිබෙන බවත් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ භාවිත කරන ලද යූරියා වල බයියුරේට් ප්‍රතිශතය 1%ක මට්ටමේ පැවති හෙයින් ඉන්දීය පොහොර වගා සඳහා යෙදීම ගැටලුවක් නැතැයි පොහොර ලේකම් කාර්යාලය දැනුම් දී තිබේ.

මීට පෙර මෙම පොහොර සම්බන්ධව අන්තර්ජාතික රසායනාගාර වාර්තා 03ක් ලබාගත් අතර, එම වාර්තා ද සඳහන් කර තිබුණේ බයියුරේට් ප්‍රතිශතය 0.65%ක අගයක් ගන්නා බවයි.

ඒ අනුව මෙම පොහොර වී, බඩඉරිඟු ඇතුළු බෝග සඳහා අද දින සිට ලංකා කොමර්ෂල් පො‍හොර සමාගම විසින් දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා හැරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 



අදහස් (0)

ඉන්දීය පොහොර ’’විභාගය’’ සමත් වෙි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site