IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දීය ධීවර යාත්‍රාව පෙරැළි අයෙක් මරුට :අයෙක් අතුරුදන්

(රොමේෂ් මධුෂංක)

යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයේදී නාවික හමුදා යාත්‍රාවක් මගින් නීතිවිරෝධීව මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට යමේදී අද (01) අදාල ඉන්දීය ධීවර යාත්‍රාව පෙරලී සිදු වූ අනතුර හේතුවෙන් එක් ඉන්දීය ධීවරයෙකු මිය‌ ගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව ඇතැයි නාවික හමුදාව පැවසීය.

උතුරු නාවික විදානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් ඩෙල්ෆ් මුහුදු තීරයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාල ඉන්දීය ධීවර යාත්‍රාව නිරීක්ෂණය වීමෙන් අනතුරුව එහි සිටි ධීවරයින් නාවික හමුදා භාරයට ගැනීමට උත්සහ ගත් අවස්ථාවේදී ඉන්දීය ධීවර යාත්‍රාව පලායාමට උත්සහ දරා ඇත.

ඒහිදී ඉන්දීය ධීවර යාත්‍රාව පෙරලීමෙන් ධීවර යාත්‍රාවේ ගමන්ගත් ධීවරයින් සිව්දෙනා ජලයේ ගිලී ඇති අතර නාවික හමුදා නිලධාරීන් විසින් අදාල ධීවරයින් බේරාගැනීමට ගත් උත්සහයකදී එක් ධීවරයෙකු අතුරුදහන් විය.

කෙසේ වෙතත් අනෙක් ධීවරයින් තිදෙන නාවිකහමුදා භාරයට ගෙන රෝහලගත කිරීමට පියවර ගත්තද ඉන් එක් ධීවරයෙකු මිය ගොස් ඇතැයිද නාවික හමුදාව පැවසීය.

කෙසේ වෙතත් අතුරුදහන් වූ ඉන්ද්‍යී ධීවරයා සොයා නාවික හමුදාව සෝදිසි පරික්ෂණ සිදුකරන අතරම සෙසු ධීවරයින් ප්‍රතිකාර ලබන බවටත් මිය ගිය ධීවරයා සම්බන්දයෙන් ඉන්දීය නවික හමුදාව දැනුවත් කිරීමටද උතුරු නාවික විධනය විසින් පියවර ගනු ලැබීය.

 



අදහස් (0)

ඉන්දීය ධීවර යාත්‍රාව පෙරැළි අයෙක් මරුට :අයෙක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 215 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 970 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site