
(ගයාන් සූරියආරච්චි)
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරුකට අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 400 කට වැඩි තොගයක් රැගෙත් මෙරට බහුදින යාත්‍රා දෙකක් සමග ලාංකික සැකකරුවෝ පිරිසක් ඉන්දිය නාවික හමුදාව විසින් අද මෙරට නාවික හමුදාවට බාර දෙනු ලැබූහ.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර සිදු කෙරුණු සාර්ථක බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමක ප්‍රථිපලයක් වශයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය නාවික හමුදාවට හැකිවී ඇත.
මෙම සැකකරුවන් පිරිස ඉන්දීය මුහුදු සීමාවේ ගමන් කරමින් සිටියදී ලබාදුන් බුද්ධි තොරතුරකට අනුව ඉකුත් (25) දින ඉන්දීය නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබුණි.
පසුගිය දිනවල ලංකාවේ උතුරු නැගෙනහිර සහ ඉන්දීය දකුණු මුහුදේ පැවැති අව පීඩන තත්ත්වය හේතුවෙන් සැකකරුවන් මෙරටට බාරදීමට නොහැකිව තිබුණි. කෙසේ වෙතත් ඉන්දීය නාවික හමුදාවේ නිලධාරීන් විසින් මෙරට ගජබා නෞකාවට අද සැකකරුවන් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය බාරදී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd