
(රෝහණ සමරවීර)
ඉත්තෑගලයාය ගම්මානය රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල හා කල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් වනසේ පිහිටා ඇත.
දකුණින් උඩවලව ජාතික වනෝද්‍යානයේ ව්දුලි වැටටත්ග නැගෙනහිරින් උනපතුආර ඔයටත් බටහිරින් තලපත්ආරටත් උතුරින් කටුපත් ඔයටත් මායිම් වනසේ ඉත්තෑගල ගම්මානය පිහිටා ඇති අතර එහි පදිංචි පවුල් සංඛ්‍යාව පනහකට ආසන්න බව එම ගම්වාසීහු පවසති.
උඩවලව ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කිරීමට පෙර එනම් දැනට දශක හයකට පමණ පෙර සිට අනේක දුක් ගැහැට විඳිමින් වගා කටයුතුවල නියලෙමින් ඉත්තෑගල ගම් වාසීහු ජීවත් වෙති.
කුරහන්, මෙනේරි,තල, මුං, කව්පි, බඩ ඉරුගු, වැනි ධාන්‍ය බෝග වර්ග මෙන්ම වම්බටු, එළබටු, මිරිස්, පතෝල, වැටකොලු, කරවිල, තක්කාළි වැනි කටුසර බෝග වගා සිදුකරමින් එම ගම්වාසීහු සිය ජීවනෝපායක සවිකර ගනිති.
දශක ගණනාවක් ඔවූහු එසේ එහි ජීවත් වූවද එම වැසියන්ට මාර්ග පහසුකම්, ව්දුලිය, පානීය ජලය ඇතුළු යටිතල පහසුකම් කිසිවක් නොමැති අතර ඔවුන් තම ගම හරහා යාම් ඒම කරණු ලබන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් කටුපත් ඔය හරහා දමා ඇති ඒදඩු මතිනි. ඔවුන්ට හරිහැටි වැසිකිලි පහසුකම් ඉටුකර ගැනීමට තියා ඉන්න බිමට හිමිකම් කීමටවත් ඔවුන්ට වාසනාවක් තවම උදාවී නැත.
ඒ තරමටම වගකිව යුතු බලධාරීන් එම ගම්වාසී්න්ට අකාරුණික වී තිබේ. තමන් එදිනෙදා ජීවිකාව ලෙස කරගෙන යන වගා කටයුතු වලට වන අලින්ගෙන් වල් ඌරාගෙන් ඉත්තෑවන් වැනි සතුන්ගේ හානි සිදුවන බවත් ඒ දණ්ඩේ ගමන මරුවා තුරුළු කරගෙන යාමක් බව පවසමින් ඔවුහු අඳෝනා නගති.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.