
(ලක්මි කුඩලිගම)
ඉංගිරියේ පාසල් දෙකක 16 හැවිරිදි සිසුන් පිරිසක් ඉංගිරිය වත්තේ කසිප්පු තිප්පළකින් ගත්කසිප්පු පානය කර මත් වී ඉංගිරිය කටහය නාන තොටුපළ අසල මහ පාරේ නිදා සිටින බවට, ලද තොරතුරක් අනුව අද (12) දහවල් පොලිසියට රැගෙන විත් මත් ගතිය වැඩි සිසුන් දෙදෙනකු රෝහල් ගත කිරීමට කටයුතු කළ බව ඉංගිරිය පොලිසිය පවසයි.
ඉතිරිවූ කසිප්පු පැකට් පහක් ද පොලිස් බාරයට ගෙන ඇත.
ඉංගිරිය ප්‍රදේශයේ කසිප්පු ව්‍යාපාරිකයකුගේ බිරියකගේ කසිප්පු පැකට් කීපයක් මිලදීගෙන ඉංගිරිය ඇලබඩ පාර කටහය නාන ගොටුපලට ගොස් කසිප්පු පානය කළ බවත් නෑමට සුදානම් වූ අවස්ථාවේ මිතුරන් දෙදෙනෙකුට කසිප්පු මත වැඩි වී මහ මාර්ගයේ නිදා ගත් බව ඔවුන් පොලිසියට කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd