IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇෆ්ඝනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 14 ක් මරුට

ඇෆ්ඝනිස්ථානයේ මධ්‍යම බාමියන්හි සිදුවූ පිපිරීම් දෙකකින් 14 දෙනකු මියගොස්, 45 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පළාත් බලධාරීහු පවසති.

බාමියන් නගරයේ ප්‍රධාන කඩමණ්ඩියක මාර්ගයක් අසල බෝම්බ දෙක සඟවා තිබී ඇතැයි පොලිසිය පවසයි.

මියගිය අය අතර රථවාහන අංශයේ පොලිසි නිලධාරීන් දෙදෙනකු සිටින අතර අනෙක් අය සිවිල් වැසියෝ වෙති.

ඇෆ්ඝනිස්ථානයේ ක්‍රියාත්මක සටන්කාමී කණ්ඩායමක් වන තලේබාන්වරුන් ප්‍රහාරයේ වගකීම ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේවුවද ඇෆ්ඝනිස්ථාන රජයේ හමුදා සහ තලේබාන් සටන්කරුවන් අතර ඇතිවූ සටන් වලින් මේ වසරේ මුල් මාස නවය තුළ සිවිල් වැසියන් 6,000කට අධික සංඛ්‍යාවක් මියගොස් හෝ තුවාල ලබා තිබේ.

මේ අතර අද (24) ජිනීවා නුවර පැවති සමුළුවකදී රටවල් 12 ක් පමණ ඇෆ්ඝනිස්ථානයට ඩොලර් බිලියන ගනනක ආධාර ලබා දීමට පොරොන්දු වී තිබේ.

ඇෆ්ඝනිස්ථාන රජය සහ තලේබාන් කැරළිකරුවන් අතර යුද්ධය අවසන් වනු ඇතැයි යන බලාපොරොත්තුව හමුවේ මෙම ආධාර ලැබෙනු ඇතැයි සඳහන් වේ.

(බීබීසී ඇසුරිනි)

085



අදහස් (0)

ඇෆ්ඝනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 14 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site