(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදි වන ඇවිදින මංතිරුවේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලිමට ක්‍රිඩාංගණය වෙත පැමිණි විපක්ෂයේ සහ පාලක පක්ෂයේ මන්ත්‍රිවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු විය.
නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ රුපියල් කෝටි දෙකක් වියදමින් ඉදිවන ඇවිදින මංතිරුව සම්බන්ධයෙන් සොයා බැලිමට නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති , ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව සහ නාවලපිටිය නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනකු සහ ආධාරකරුවන් පිරිසක් ක්‍රිඩාංගණයේ පිවිසුම වෙත පැමිණෙන අවස්තාවේ ක්‍රිඩාංගණයේ ප්‍රධාන ගේට්ටුව නගර සභාව වසා දමා තිබුණි.
සසංක සම්පත් සංජිව මහතා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිස ක්‍රිඩාංගණය අසල රැදි සිටියදි එම ස්ථානයට පැමිණි නාවලපිටිය නගර සභාවේ වත්මන් සභාපති අමල් ප්‍රියංකර මහතා සහ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් , ආධාරකරුවන් පිරිසක් අතර ඇති වු උණුසුම් තත්ත්වයකින් අනතුරුව දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් සිදුවිය.
දෙපාර්ශවයේ ඇති වු උණුසුම් තත්ත්වය ගුටිබැට හුවමාරුව පාලනය කිරිමට නාවලපිටිය පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණිමෙන් අනතුරුවද අවස්තා කිහිපයකදි යළිත් ගුටිබැට හුවමාරුව ඇති විය.
ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශවය නාවලපිටිය පොලිසියට පැමිණිලි කර ඇති අතර,ගැටුමට මැදි වු ජාතික සමගි ජන බලවේගයේ ආධාරකරුවන් තිදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් වි ඇත.





COMMENTS
උන්ට ගසා කන්න ඉන්න, හිටින්න තැනක් නැති තොපි ගහ ගනිව්
ආණ්ඩුව හැම අතින්ම ෆේල්...
නිවන් සැප ලැබේවා කියන්න හරිම ආසාවෙන් ඉන්නේ....
ඇවිදින්න ඕන නැහැ. ඔය විදියට එක්සයිස් කළාම ඇති.
අපිට නම් ලැජ්ජයි.., ලංකාවේ දේශපාලුවන් හැසිරෙන හැටි දැක්කාම... කිසිම ශීලාචාර කමක්, හික්මීමක් ඇත්තේම නැහැ. සිවුපාවුන්ට වැඩිය හපන්...
මහජනතාව වෙනුවෙන්ම අවංකව සේවය කිරීමට මේ පක්ෂ, විපක්ෂ මී හරකුන් අං පටලවාගෙන තිබෙන අපූරුව..
ජනතා සේවයනේ. කන එකක් ඒ ගොල්ලොත් එක්කත් බෙදාගෙන කනවලා. එතකොට ගහහන්න ඕන නෑ...
පිනට කකා බිබී ඉන්න දේශපාලුවන්, අතේ පයේ හිරි ඇරගන්නත් මොනවා හරි කරන්ඩ වෙනවනේ? මරු?
මුන්ට එක්සයිස්.. මිනිස්සුන්ට පාන් කියාගන්න විදිහක් නෑ. ගුරුවරුන්ට පඩි ගෙවලා ළමයින්ට උගන්වන්න විදිහක් නෑ. සේරම මනිමෝනියාවට යටයි. මේ ආණ්ඩුවේ කාලකණ්ණි වැඩ...
ෆිට්නස් ටෙස්ට් එකක් වෙන්න ඇති..
ගුටිබැට දීගෙන කරන ජනතා සේවය... මේ අයට විකාර.. මේවා දකින අපිට ඊට වඩා පිස්සු...!!!
මා සතු කුඩා ඉඩමක සුළු වගාවක් කරමි. සතියකට වතාවක් එම ඉඩමට මා යනවිටම ළඟ ගෙදරක සිටින බළලෙක්, බල්ලෙක් හා බැල්ලියක් එකවරම මා සිටින තැනට පැමිණේ. මම උන්ට බනිස් ගෙඩියක් හෝ වෙනත් සුළු කෑමක් දෙනවිට උන් තිදෙනා ඉතා සමගියෙන් එය කා ටික වේලාවක් මා සිටින තැන සිට ආපසු යනවා දැකීම වත්මන් දේශපාළුවන්ට වඩා සතුන් යහපත් බව කියාපෑමකි..
කොමිස් එකක් ගන්න තිබෙන දේ කඩාකප්පල් කරන්න, ආවාම ගහලා එළෙව්වේ නැතිනම් ඒ අය පොහොට්ටු මන්ත්‍රීලා නොවේ... කොරෝනා හරි කමක් නෑ... කොමිස් ගහන්න පුළුවන්නම්..
අපි ජීවත් වන්නේ ගෝත්‍රික ජනපදයක බව නැවත ඔප්පු වී ඇත!
මහ කාලකන්නි ආණ්ඩුවක් මේ වෙලාවේ රටටයි ජනතාවටයි අවශ්‍ය මංතීරුද යකෝ , මිනිස්සු පෝලිම් වල දුක් විඳිනවා .මේ . කාලකන්නි පාලකයෝ මහ එකාගේ ඉඳලා පොඩි එකාට යනකම් උන්ගේ ගසා කෑම් වලට මංතීරු හදනවා .මුන්ගේ පවුල් පිටින් හැඳි ගෑ වෙන්න ඕනේ .මහා එවුන් මේවට වග කියන්න ඕනේ .සෞභාග්‍යයේ ගසා කෑම්
තද වැස්ස ඇති කාලයට නාවලපිටිය ගංවතුරින් යටවෙනවා කියලා රූපවාහිනී මගින් දැක ඇත නනගරයේ ගංවතුර පාලනය කිරීමට වඩා මංතීරුවක් තිබෙන තැනක තවත් මංතීරුවක් සැකසීම අවශ්‍ය බව කියන මුග්ධ පිරිසක් බලයට පත්කල අනුවන ඡන්ද දායකයින් මෙවාට වගකිව යුතුය.
ඔය මොන අදහස් මෙතන දැම්මත් ආයෙම ගිහින් ඔය කට්ටියටම ඡන්දේ දානවනේ අපි...
ගුටි බැට ගහ ගන්නේ ලැබෙන කොමිස් කුට්ටිය නිසා ජනතාව දුක් විඳිද්දී මේ අය මරා ගන්නේ මුදල් වෙන් කරලා ලැබෙන කොමිස් මුදල් නිසා.
නූගත් ඡන්ද දායකයන්ට හරියන්නේ ඉතින් මේවාගේ අයම තමා. ඊට පස්සේ කන්න නෑ, බොන්න නෑ, ඉස්කෝල නෑ, අරව වැඩියි මේවා වැඩියි කියලා නාහෙන් අඬනවා.
මේ මිනිස්සු රට හදයිද.?
බුද්ධිමත් නායකයෝ ප්‍රශ්න විසදන්නේ සාකච්චා කරලා .ඒ තරම් මොලයක් නැති සත්තූ තමයි කල කෝලහාල කරගෙන මාරාගෙන ප්‍රශ්න විසඳන්න හදන්නේ
අර සොයිසා... අර! ජනතාව 69 ලක්ෂයක් අපට ඡන්දෙ දුන්නේ ඇවිදින මංතීරු ඕනෑ නිසානේ...! ඒක රටේ, ජාතියේ දැවෙන ප්‍රශ්නයක්...
මේ වගේ මොලේ කචල් අය තෝරලා යවපු මිනිස්සුන්ටයි මඩු වලිගෙන් තලන්න ඕන.
ගහන්න ඕන මේ වගේ අයට ඡන්දේ දුන්න අයට.