
(සමන් පාලිත නානායක්කාර සහ නිශාන්ත කුමාර)
ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල ප්‍රදේශයේ 20 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ නායයාම නිසා ඇතිවූ අවදානම් තත්ත්වය ඉතා අවම මට්ටමකට මේ වන විට පැමිණ ඇති බැවින් එක් මං තීරුවක් අද( 16 ) පැය විසි හතර පුරා විවෘත කර තැබෙන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදය කුමාර මහතා පැවසීය.
කෙසේ වෙතත් එම ස්ථානය පසුකර යන රථවාහන සහ පා ගමනින් යන එන්නන් ඉතා අවදානයෙන් විමසිලිමත්ව ගමන් කළ යුතු බවද ඒ මහතා පැවසීය.
ඉකුත් 13 දින අලුයම මෙම ස්ථානයේ සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගය මුළුමනින්ම අවහිර වූ අතර ඒ සම්බන්ධයෙන් කළ භූමි පරීක්ෂාවක දී භූමියේ දැඩි අස්ථාවර භාවයක් නිරීක්ෂණය වීම නිසා එම ස්ථානයෙන් රථ වාහන ධාවනය සීමා කර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
153
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්ල-වැල්ලවාය පාර එක් මං තීරුවක් විවෘත කරයි