IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ඇල්ලේ අනතුර ගැන ජනපති ඇතුළු රජයේ සංවේගය

(අංජුල මහික වීරරත්න)

ඇල්ල බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සියලුදෙනාගේ පවුල් වෙත ජනාධිපතිවරයා ඇතුළු රජයේ සංවේගය පළ කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ජාතික මීලාද් - උන් - නබි සැමරුම් උත්සවය අමතමින්  පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්තොට, මැලේ කොලනි ගම්මානයේ, මස්ජිදුල් අරූසියා ජුම්මා මස්ජිද් පරිශ්‍රයේදී අද (5) මෙම උත්සවය පැවැත්විණි. 

බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඉස්ලාම් ආගමික නායක මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය නිමිති කොට ගෙන මෙම ජාතික උත්සවය සංවිධාන කර තිබු අතර ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු සියලු ආගම්වලට අයත් ජනතාවගේ  සහයෝගය සහ දායකත්වය ඊට හිමි වීම විශේෂත්වයකි. 

2025 ජාතික මීලාද් - උන් - නබි සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර  හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතික හා ඓතිහාසික වටිනාකම සම්බන්ධයෙන් සම්පාදනය කෙරණු “හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාවගේ ඉතිහාසය සහ වර්ධනය” ග්‍රන්ථයද පිළිගැන්විණි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වල ඉගෙනුම ලබන ජාති භේදයකින් තොරව සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා පවත්වන ලද චිත්‍ර තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීමටද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක් විය.

2025 ජාතික මීලාද් - උන් - නබි සැමරුම් උත්සවය සඳහා සහභාගී වීම නිමිත්තෙන් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වුණු අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව සහ මුස්ලිම් ජුම්මා පල්ලියේ දායක සභාව විසින්ද ජනාධිපතිවරයා වෙත විශේෂ සිහිවටන තිළිණයක් පිළිගන්වන ලදී.

මෙම උත්සව සභාව ඇමතූ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ හජ් වන්දනා කෝටාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට අදාළ සාකච්ඡා මේ වන විට සිදු කරන බවයි. ඒ අනුව මෙරට ඉස්ලාම් බැතිමතුන්ට හජ් වන්දනාව සඳහා වැය කිරීමට සිදුව ඇති මුදල අඩු කර ගැනීමට සහ වන්දනාකරුවන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට හැකිවනු ඇති බව අමාත්‍යවරයා පැවසීය.

මෙහිදි අදහස් දැක්වූ අධිකරණ සහ සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනිර් මුලෆ්ෆර් මහතා සඳහන් කළේ සාමය, එකමුතුකම සහ එකිනෙකාට ගරු කිරීම නබි නායකතුමාගේ මගපෙන්වීම බවයි. 

සියලු ජනතාව අතර සාමය සහ සංහිදියාව ගොඩනැගුණු ලස්සන රටක් වත්මන් රජයේ අපේක්ෂාව බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා 2025 ජාතික මීලාද් - උන් - නබි සැමරුම් උත්සවයේ කටයුතු සාර්ථක කර ගැනීමට ප්‍රදේශවාසින්ගෙන් විශාල දායකත්වයක් ලැබුණු බව සිහිපත් කළ අතර මෙම එකමුතුභාවය ලස්සන රටක් පිළිබඳ විශ්වාසය තහවුරු කරන බවද සඳහන් කළේය.

මහා සංඝරත්නය සහ ආගමික නායකයන්ද, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි,  බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති නිහාල් ගලප්පත්ති මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. පී. සේනාධීර,  මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.එස්.එම්. නවාස් යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු, විදෙස් තානාපතිවරු, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (1)

ඇල්ලේ අනතුර ගැන ජනපති ඇතුළු රජයේ සංවේගය

Sampath Friday, 05 September 2025 09:03 PM

උඹලා පත් කර ගත්තේ ප්‍රකාශ නිකුත් කර කර ඉන්න නොවෙයි. මෙහෙම වන හානි නවත්තන්න. කොන්දක් ඇතුව ඒක කරන්න. රියැදුරන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න වාහන වසරකට වතාවක් යෝග්‍යතාව පරීක්ෂා කරන්න බර වාහන රියදුරන්ට මානසික හා කායික වෛද්‍ය පරික්ෂාවක් වසරකට වරක් අනිවාර්ය කරන්න. රියදුරු බලපත්‍ර දීමේදි දැඩිව පරික්ෂා කරන්න මත් ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන්ගේ බලපත්‍ර ජීවිත කාලයටම තහනම් කරන්න මාර්ග පද්ධතිය වැඩිදියුණු කරන්න.

:       4       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site