IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඇමෙරිකාව රුසියාවට පනවා ඇති ඉන්ධන තහනම ශ්‍රී ලංකාවට අදාල නෑ

(විමුක්ති එස් රුද්‍රිගු)

රුසියානු බොරතෙල් සඳහා ඇමෙරිකාව පනවා ඇති සම්බාධක ශ්‍රී ලංකාවට බල නොපාන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ ඇමෙරිකාව ලබා දී ඇති සහාය පිළිබඳ දැනුම්වත් කිරීම එම හමුවේ අරමුණ විය.

ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් සමඟ රාජ තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යා යුත්තේ කෙසේදැයි ඇමෙරිකා එක්සත් ජනපදය උපදෙස් ලබා නොදෙන බවත් එය ශ්‍රී ලංකා රජයේ තීරණයක් බවත් ජුලී චන්ග් මහත්මිය පැවසුවාය.

යුක්රේන - රුසියාව යුද්ධය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය රුසියානු බොරතෙල් සඳහා සම්බාධක පනවා ඇතත් එය තුන්වෙනි පාර්ශ්වයකට බල නොපාන බව ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.

ඇමෙරිකා එක්සත් ජනපදයට තම බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට හැකියාව තිබෙන බව ජුලී චන්ග් මහත්මිය පැවසුවාය. ඇමෙරිකා එක්සත් ජනපදය රුසියානු බොරතෙල් සඳහා සම්බාධක පනවා ඇත්තේ ඇමෙරිකාව තුළ පමණක් බවත් තුන්වෙනි පාර්ශ්ව රුසියානු බොරතෙල් මිලදී ගන්නවාද නැද්ද යන තීරණය එම රටවල තීරණයක් බවත් ජුලී චන්ග් මහත්මිය තවදුරටත් පැවසුවාය.

 



අදහස් (3)

ඇමෙරිකාව රුසියාවට පනවා ඇති ඉන්ධන තහනම ශ්‍රී ලංකාවට අදාල නෑ

Suraj Thursday, 07 July 2022 09:43 PM

බංකොලොත් රටකට ණයට තෙල් දීල රුසියාවට ලැබෙන ලාභයක් නෑ කියල ඇමරිකාව නොදන්නවයැ.

:       0       0

kamal Friday, 08 July 2022 07:19 AM

ඒ වුනාට අපේ ඇමරිකන් පුරවැසියා බයයි තමන්ට ආපහු ඇමරිකා යන්න බැරි වෙයි කියල.

:       0       0

Deepal Nirosh Friday, 08 July 2022 08:24 AM

අය්යෝ මැඩම්, මං මේ කෙහෙල් කැන, ගහ පහත් වෙච්ච වෙලාවෙ වැටෙන් එළියට පැන්නට මට තනියම යන්න බෑ මැඩම්. මාව කුදලාගෙන යන්නකො.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site