IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ඇමෙරිකානු තානාපතිනියගෙන් ජනපතිට තවත් පොරොන්දුවක්

 

(සුජිත් හේවාජුලිගේ )

ආර්ථික ගැටළුවට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයට  හැකි උපරිමයෙන් සහය වන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතාට අද  (30) පොරොන්දු වූවාය.

ඇය මෙසේ පොරොන්දු වූයේ ජනාධිපතිවරයා  කොළඹ කොටුව ජනපති මන්දිරයේදී ඊයේ (30) පස්වරුවේ හමුවූ අවස්ථාවේදීය.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව වෙනුවෙන් කටයුතු කරන  අතරේදී  මානුෂීය ආධාර ලබාදෙමින්   ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය සම්බන්ධයෙන්    සිය ස්තූතිය පිරිනමන බව ජනාධිපතිවරයා තානාපතිවරියට පැවසුවේය.

ශ්‍රී ලංකාව මුහුණදී සිටින අර්බුදය ගැන  අවබෝධයෙන් පසුවන බවත් කඩිනමින් රට යථා තත්වයට පත්වනු ඇතැයි   විශ්වාසය පළ කරන බවත් ජූලි චන්ග් මහත්මිය මෙහිදී සඳහන් කළාය.

මේ අවස්ථාවට  ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක මහතාද  සහභාගි විය.



අදහස් (4)

ඇමෙරිකානු තානාපතිනියගෙන් ජනපතිට තවත් පොරොන්දුවක්

බද්රානි Thursday, 30 June 2022 07:40 PM

මේ අයගේ හැටි දන්නා නිසා ඇමරිකන් කාරයෝත් ආධාර දෙන්නම් කිය කියා මොවුන්ව රවට්ටනවා. ඒ අයට මතක ඇතිනේ ඡන්දෙ කාලේ තිබුණු ඇමරිකන් විරෝධය? ලංකාව, ඇමරිකාව අල්ලාගන්න හදනවා කියලා අපිත් හරියට බය වුණා. අර එක ටියුෂන් ගුරෙක් සිතියමකුත් ඇඳලා හරියට අපිව බය කළා. අම්මෝ! තව ටිකෙන් මේ ලෝකෙන් උතුම් රට ඇමරිකන් කාරයින්ට අයිති වෙනවා. ඒ ගැන දැන් මතක් වෙද්දීත්, බයට මාව වෙව්ලනවා.

:       8       18

kamalFriday, 01 July 2022 10:30 AM

නුඹ නාඩන්, නුඹ නාඩන්, නුඹට ඔවා හොඳ පාඩම්... ඇමෙරිකාවේ ගවයින්ට දෙන්නේ බඩ ඉරිඟු මිශ්‍රණයක්, පුන්නක්කු නොවෙයි. ඒ නිසා ඇමෙරිකාවට ඔය 69 ලක්ෂයට දෙන්නට දෙයක් නැත.

:       0       0

chandima Thursday, 30 June 2022 08:27 PM

ඔයා හමුබවුණු වෙලාවක ශේප්එකේ ආපහු ඇමෙරිකාවේ පුරවැසිකම ගන්න විදිහකුත් කතාකර ගත්තා නම් අන්තිම කාලේ දරු, මුණුබුරන් එක්ක සතුටින් ඉන්න තිබුණා...

:       0       0

de silva Friday, 01 July 2022 11:00 AM

ටියුශන් ගුරාට බොරුවක් හරි බොර්ඩ් එකෙ ලස්සනට අන්දල විස්තර කරල බලාගෙන ඉන්න ගොබ්බයො ටික අන්දවන්න පුලුවන්. නමුත් අපේ ගොබ්බසේන සර්ට ඒ්කත් බැහැ. ඔහු හිතන්නෙ වැඩ බැරි වුනත් දිගින් දිගටම බංකුවෙ වාඩිවෙලා හිටියම වාඩිවෙලා හිටියම අවුරුද්ද අන්තිමෙ O/L පාස් වෙනව කියල

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 940 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site