
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
ඇමැති බංගලා දෙන ලෙස ඉල්ලීම් කර ඇති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව හැටක් දක්වා ඉහළ ගොස් ඇත.
ඇමති බංගලා ලබාදීමේදී ප්‍රමුඛත්වය දිය යුතු ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් මේ දිනවල කඩිනමින් පිළියෙල කරගෙන යන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසීය
එම වාර්තාව රජයට ළගදීම බාර දෙන බවද හේ සඳහන් කළේය.
ඇමති බංගලා පනහක් පමණ පවතින අතර මින් බංගලා කිහිපයක් පාවිච්චියට පෙර අලුත්වැඩියා කළ යුතු මට්ටමේ පවතින බව අමාත්‍යාංශය සඳහන් කළේය.
මෙම ඇමති බංගලා වත්මන් රජයේ ඇමතිවරුන් පාවිච්චි නොකරන බවට නව රජය බලයට පත්වූ පසු ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය.
COMMENTS
ඔයගොල්ලෝ කියව කියව ඉන්නවා. මොන මගුලක්ද දීලා දාන්නකෝ. දැන් මාස කීයක් ගියාද?
මහර එක්සත් ජාතික පක්ෂයේ සිටි කමලවර්ණ ජයකොඩි මහතාගේ වලවුවද මේ වනවිට ආන්දෝලනාත්මක (දේපල තණ්හාව නිසා) තත්වයකට පත්ව ඇත. නීතිමය තත්වයෙන් නොදන්නා නමුත් හිටපු ඇමැතිවරයාගේ නිවාස අධ්‍යාපන ලබාදෙන, කලාකටයුතු හෝ සමාජ කටයුතු වෙනුවෙන් ලබාදීමට එහි බාරකරු වශයෙන් කටයුතු කරන්නා වූ පුද්ගලයා කැමැත්තක් දක්වන බව මාධ්‍යයට පැවසීය.
මේකට දැන් මාස 4ක් ගිහින්. තවම වාර්ථා සකස් කරලා නෑ. පාවිච්චි නැති නිසා ඒ ගොඩනැගිලි දිය සෙවෙල් කනවා, වතු තණකොළ, පැලෑටි වැවිලා විනාශ මුඛයට යමින් තමයි තියෙන්නේ. තවම මේ නිලධාරීන් හැදිලා නෑ. ඇමැති බුදි.