
(සුජිත් හේවාජුලිගේ )
ආචාර්ය ඇන් ඇම් පෙරේරා සහ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා වැනි පැරැණි දේශපාලනඥයන් අතීත පාර්ලිමේන්තුවල කළ සාරගර්භ කතා ඇතුළත් හඬ පට වර්තමාන පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු පුස්තකාලාධිපතිවරයාට උපදෙස් දී ඇත.
උසස් සදාචාර සම්පන්න පාර්ලිමේන්තුවක් බිහි කිරීම සඳහා පැරැණි දේශපාලඥයන්ගේ පාර්ලිමේන්තු කතා වර්තමාන මන්ත්‍රීවරුන් ශ්‍රවණය කිරීම සහ අධ්‍යයනය කිරීම ඉතා වැදගත් බව තමාගේ අදහස යැයි කතානායකවරයා ඉරිදා ලංකාදීපයට පැවසීය.
එම දේශපාලනඥයන්ගේ කතාවලින් වර්තමාන මන්ත්‍රීවරුන්ට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇතැයි පැවසූ මහින්ද යාපා අබේවර්ධන මහතා සමහර මන්ත්‍රීවරුන් ඇතැම් අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය ගැන සෑහීමට පත් නොවන බවද ප්‍රකාශ කළේය.
තමා පාසල් ශිෂ්‍යයකුව සිටියදී බොහෝ අවස්ථාවලදී පාර්ලිමේන්තුවට පැමිණ ආචාර්ය ඇන් ඇම් පෙරේරා සහ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා යනාදී දේශපාලනඥයන්ගේ කතාවලට දැඩි කැමැත්තෙන් සවන් දුන් බවත් තමා ඉංග්‍රීසි භාෂාවේ බොහෝ දේවල් ඉගෙන ගත්තේද ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතාගේ කතා ශ්‍රවණය කිරීමෙන් බවත් ඔහු පැවසුවේය.
මේ අතර පාර්ලිමේන්තුවේදී පසුගිය මාස කීපයේදී ඇතිවූ විවිධ සිද්ධීන් 14 කදී කතානායකවරයා ඇතැම් මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් අවවාද කර ඇතැයි වාර්තා වේ.
COMMENTS
හා හා මේ මොන විකාරද? තරුණ අපි තරම් මේ නාකි දන්නවද? අපිට වඩා මේගොල්ලෝ දන්නේ කොහොමද? මේ ගොල්ලෝ ලේ සැලෙන විප්ලව කළාද?
හොඳ තීරණයක්. ඔවුන්ට විතරක් නෙමේ, අපේ අයටත් අහන්න යූටියුබ් චැනල් එකක් හදලා ඒකට දාන්න...
ඔය හරක් රැල ඕවා කියවන එකක් නෑ.. කියෙව්වත් ඔය නොසණ්ඩාලයින්ට තේරෙන එකක් නෑ. හැබැයි වෙන එකක් පෙන්නුවා නම් ගෙදර යන්නේ නැතිව බලයි.
1972 ව්‍යවස්ථාව විසින් පළමුවරට රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය නැති කළ දේශපාලකයින්ට කඩේයාමට මග සැලසුවා...
සමහර ළාබාල "ගෝඨා ගෝ හෝම්" කට්ටියගෙන් ඇහුවොත් ඇන්. ඇම්. කොල්වින් කියන්නේ කවුද කියලා උඩ බිම බලනවා නිසැකයි. ඊට උදාහරණයක් ඩී. බී. ඇස්. ජෙයරාජ්ගේ මෙවර ඩේලි මිරර් ලිපියේ තියෙනවා.
අනේ කතා නායකතුමෝ, ඔය වැඩෙන් මනා ප්‍රයෝජනයක් ගන්න නම් පාර්ලිමේන්තු ඉංග්‍රීසි පන්ති කීපයක්ම ආරම්භ කරන්න. බාලංශ පන්තියෙන්ම පටන් ගන්න...
ඒ අය එතුමන් ගැන දැනගන්නම ඕනද? ඒ මහත්වරුත් තමන්ට ලද අනගි අවස්ථාවන් මගහැරීය...