(අංජුල මහික වීරරත්න)
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතැමුන් නීති විරෝධී ලෙස හිරකරුවන්ට නිදහස ලබා දී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික පොසොන් උත්සවය අමතමින් ඓතිහාසික මිහින්තලා පුදබිමේදී අද (10) පැවසීය.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් නීති විරෝධී ගමන් බලපත්‍ර නිකුත් කරන තැනට පත්ව තිබෙන්නේ යැයි කී ජනාධිපතිවරයා එලෙස පතාල නායකයින්ට ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කර තිබෙන බව සඳහන් කළේය.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් නීති විරෝධී වැඩ කර තිබෙන අතර මෙම ආයතන පිළිබඳ පුරවැසියා සිටින්නේ සතුටුදායක මානසික තත්ත්වයකින් නොවේ යැයි ජනාධිපතිවරයා කීය.
මෙම රාජ්‍ය ආයතන පද්ධතිය නැවත ගොඩනැගීම සඳහා කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා එම කාර්ය අත් නොහැර සිදු කිරීමට පොදු පුරවැසියාගේ සහයෝගය අවශ්‍ය බව සඳහන් කළේය.
ලංකාවේ පරිහානික යුගය අවසන් කර ජයග්‍රාහී භෞතික සහ ආධ්‍යාත්මික දියුණු ජීවන තත්ත්වය වෙත පරිවර්තනය කළ යුතුව තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා කීය.
පුරවැසියාගේ පුරවැසි වගකීම වර්ධනය කිරීම සඳහා ශිෂ්ට සම්පන්නභාවය රැගෙන ආ යුතු යැයි ද ඒ සඳහා බෞද්ධ දර්ශනයෙන් මඟපෙන්වීමක් ලබා ගත හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඇතැම් ආගමන විගමන ලොක්කන් පාතාලයන්ට පාස්පෝට් දීලා
සෙනෙවිරත්න Tuesday, 10 June 2025 05:50 PM
හාමුදුරුවන් බොරුවට වර්ණනා කරලා හොඳ අහනවාට වඩා මේ යථාර්ථය පෙන්වාදීම තමයි අගයකළ යුත්තේ. බණ පද සීයකට වඩා උතුම් ඒක...!
JaniiTuesday, 10 June 2025 08:08 PM
මුලින්ම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සුදද කරන්න අවශ්‍යයි...
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Tuesday, 10 June 2025 06:22 PM
ඇයි වටගලයා...! පාර්ස්පෝර්ට් කන්තෝරුවේ වැඩ බාරගන්න ආපු දවසේම, කොහේද යන අපතයෙකුට පාර්ස්පෝර්ට් 17ක්ම පටස් ගාලා හොරෙන් හදලා දුන්නේ...! හොරු අල්ලනවා නම් වටගලයාගෙන්ම පටන් ගන්න තඹුත්තේගම ලපයෝ !
නිහාල් Wednesday, 11 June 2025 10:56 AM
ඔයා එතැනට වෙලා ගල් ගිල්ලා වගේ බලාගෙන ඉඳලා දැන් කමෙන්ට් දානවා. හරි නරකයි ජයසාන්ත...
Asela Tuesday, 10 June 2025 06:48 PM
ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම බොරු කියන විට, කූට රාජ්‍ය සේවකයෙකුටත් එයින් ප්‍රයෝජන ගත හැකියි. මෙහි ඇතුළත් කර ඇති ආණ්ඩුවේ ඇමැතිවරයෙක් සිටී දැයි කවුද දන්නේ...? මේ කූට දේශයේ ඕනෑම දෙයක් කළ හැකියි. ඔබට 2/3 බලයක් තිබේ, ඔබට මරණ දඬුවම නියම කළ හැකිද? බිය ඇයි?
Prabath Tuesday, 10 June 2025 07:19 PM
කංජිපානි ඉම්රාන්ටද?
කුකුල් චමින්ද Tuesday, 10 June 2025 07:41 PM
ලෝකෙ පළමු වතාවට තමන්ගේ රට හැදෙයි කියලා බයෙන් ඉන්න අපතයින් සෙට් එකකුත් දැන් මේ රටේ ඉන්නවා!. සත පහක්වත් නොඑවපු ජයශාන්තත් එයින් කෙනෙක්...!!
බද්රානි Tuesday, 10 June 2025 08:20 PM
නමුත් වත්මන් ජනාධිපති තුමාට හා රජයට කියන්නේ, මේ කතන්දර වැඩක් නැහැ... මීට සම්බන්ධ පුද්ගලයින්ව වහාම සේවයෙන් පහකොට අධිකරණයට පමුණුවා, දැඩි දඬුවම් ලබා දීමට කටයුතු කරන්න.. ඔබලාට බලය ලබා දුන්නේ, අපේ බඩ පුරවා ගැනීමට නොව, මේ රටේ පවතින දුෂිත ක්‍රමයෙන් මේ රට මුදා ගැනීමටයි...දුෂිතයන් හුරතල් කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනටමත් කනස්සල්ලෙන් සිටින බව මතක් කරමි.
Hemantha Wednesday, 11 June 2025 02:55 AM
තාමත් ඉතින් ඕපාදූප කිය කියා විපක්ෂයේ දවස් වල වගේ ගැම්ම දීගෙන ඇවිදින්න. වැඩ කරන්න එපා.