
(කේ. බුද්ධික කුමාරසිරි)
ඇට මිදුළු හි පිළිකා රෝගයෙන් පෙලෙන කුඩා දරුවන්ගේ ශල්‍යකර්ම මෙරටදී සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කිරීමේ හැකියාව අපේක්ෂා රෝහලේ පවතින බව ළමා පිළිකා ඇට මිදුළු බද්ධ ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ප්රභානි මද්දුමආරච්චි මහත්මිය අද (25) පැවසුවාය.
මෙයට පෙර අදාල ශල්‍යකර්මය සදහා ඉන්දියාව හෝ වෙනත් විදේශ රටකට රුපියල් ලක්ෂ සියයත් ලක්ෂ තුන් සියයත් අතර වියදමක් දරමින් රෝගීන් රැගෙන යාමට සිදු වූ බවත් ඇය පැවසුවාය.
ඇය මෙම කරුණු සදහන් කරන ලද්දේ ජාතික අපේක්ෂා රෝහලේ සංවර්ධන කමිටුවේ සම්බන්ධීකරනයෙන් රැපියල් කෝටි එකහාමාරකට ආසන්න වටිනාකමෙන් යුත් අධි සංවේදී අල්ට්රා සවුන්ඩ් ස්කෑන් යන්ත්‍රයක් එම ඒකකයට පරිත්‍යාග කිරීම වෙනුවෙන් පැවැති වැඩසටහනකින් අනතුරුවය.
පිළිකා රෝගී දරුවන් සිව් දෙනෙකු පමණ එක් මසකට ශල්‍යකර්මය සදහා කටයුතු කරන බවත් ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී වැඩ කටයුතු ආරම්භ කළ මෙම ඒකකය මගින් මේ වනවිට දරුවන් හය දෙනෙකුට ඇට මිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සිදු කර ඉතා හොද තත්වයේ සිටින බවද මෙහිදී වැඩි දුරටක් අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍ය ප්රභානි මද්දුමආරච්චි මහත්මිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ ආරංචියක්....
වෛද්‍ය ඔබ සැමට තෙරුවන් සරණයි... ජයවේවා...
දැන් ඉතින් රටවලට යන්නම ඕනේ නෑ. ලංකාවේදීම නොමිලේම කරන්න පුළුවන්.
ඇටමිදුළු බද්ධ කිරීමේ කටයුතු සාර්ථකයි. පිළිකා රෝගවලටත් තිත.
වෛද්‍ය ක්ෂේත්රයේ දියුණුවක්. මිනිසුන්ව දැන් නොමිලේ සහනදායීව බෙහෙත් ගන්න සහනදායීව...
ලංකාවට වටිනා පුවතක්. නොමිලේ සිදුකරණ වෛද්‍ය සේවය විශේෂයෙන් දරු පරපුර වෙනුවෙන් ගත් ශ්‍රේෂ්ඨ උත්සාහයක්...
ඉතා සාර්ථකයි... ජයවේවා...
වෛද්‍ය ක්ෂේත්රයේ දැවැන්ත පියවරක් ... කුඩා දරුවන් වෙනුවෙන් කළ උපකාරයට වෛද්‍ය ඔබ සැමට බොහෝ පින්...
ලංකාවේ වෛද්‍ය ක්ෂේත්රයේ දියුණුව තමයි.
වෛද්‍ය ක්ෂේත්රයේ ලොකු ඉදිරි ගමනක්.. පිටරටවල ලක්ෂ ගණන්, මිලියන ගණන් වලින් කරන සැත්කම් වෙනුවට නොමිලේම ප්‍රතිකාර කරන්නට දරන වෑයමක්. වචනවලින් කිව නොහැකි සතුටක්...