IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇඟේ ටැටූ නැති අයට ජපන් රැකියා වරමක්

(අංජුල මහික වීරරත්න)

විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ (SSW) ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලාංකිකයින්ට ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම රැකියා සඳහා අවශ්‍ය  සුදුසුකම් සපුරන ලද ශ්‍රමිකයින්ට අයැදුම් කිරීමට අවස්ථාව පවතින බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජපානයේ රැකියා අපේක්ෂිතයින්ට දැනුම් දෙයි.

කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව වයස අවුරුදු 18-35 අතර, තරුණ තරුණියන්ට මෙම රැකියා අවස්ථා නොමිලයේ හිමිවේ.

වසර 5ක කාලයක් සඳහා මෙම රැකියා අවස්ථාවන් හිමිවන අතර, අවම වැටුප ලෙස රු.400,000 කට අධික මුදලක් උපයාගත හැකි බව කාර්යංශය පවසයි. ජපන් ජාතිකයින්ට හිමිවන සියළු වරප්‍රසාද මෙම රැකියාලාභීන්ටද හිමිවීම මෙම රැකියා කාණ්ඩයේ ඇති විශේෂත්වයකි.

මෙම රැකියා සඳහා අයදුම් කිරීමේදී ජපන් භාෂා දැනුම අනිවාර්ය වන අතර, JFT හෝ JLPT N4 මට්ටම හා කුසලතා පරීක්ෂණය සමත් කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම මේ සඳහා අයදුම් කළ හැකිවේ. අයදුම් කිරීම සඳහා උසස් පෙළ විභාගයට පෙනීසිටීම අනිවාර්ය වන අතර, ශරීරයේ Tattoo නොතිබීමද අනිවාර්ය අවශ්‍යතාවයකි.

රැකියා අපේක්ෂිත ඉහත සුදුසුකම් සපුරන ලද තරුණ තරුණියන්ට කාර්යාංශ වෙබ් අඩවියේ ඇති වෙබ් ද්වාරය ඔස්සේ ලියාපදිංචි වීමට අවස්ථාව සලසා තිබේ.

මෙම රැකියා වැඩසටහන යටතේ ජපානයේ හෙද සත්කාර සේවා අංශයේ රැකියා අවස්ථා හිමිවී හෙට (2) ජපානය බලායාමට නියමිත රැකියාලාභීන් පිරිසක් සඳහා ගුවන්ටිකට්පත් ලබාදීම කාර්යාංශයේදී සිදු කෙරිණි. 



අදහස් (14)

ඇඟේ ටැටූ නැති අයට ජපන් රැකියා වරමක්

යෝගා Saturday, 01 March 2025 05:40 PM

ඉතා හොඳ තීරණයක්. ඇඟේ ටැටූ ගසාගැනීම එක්තරා මානසික ව්‍යාධියක්. එහෙම අයට රැකියාවක් දීම අනවශ්‍ය කරදරයක් ඇඟේ දමාගැනීමක් විය හැකියි.

:       21       75

thusharaSaturday, 01 March 2025 09:40 PM

ටැටූ කියන්නේ කලාවක්. ජපානේ තමයි බෞද්ධ සංස්කෘතියත් එක්ක ලස්සනම් ටැටූ තියෙන්නේ. නමුත් මා‍ෆියා සම්බන්ධ සමහර සිද්ධි නිසා ජපානය සහ තවත් රටවල් කීපයක් විදෙශිකයන්ට ‍රැකියා දීමෙ දීී ටැටූ තියෙනවද බලනවා. එහෙම නැතුව ටැටූ ගැහුවා මාන්සික ලෙඩෙක් හරි රස්තියාදුකාරයෙක් හරි වෙන්නෙ නෑ. සුදු ඇදගෙන පන්සල් යන මිනිස්සුන්ට වඩා ටැටූ ගහපු මිනිස්සු අවංකයි.

:       36       28

Aruna Sunday, 02 March 2025 07:21 AM

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග්..

:       0       3

Mohammed Farlan Saturday, 01 March 2025 05:56 PM

හරි...!

:       6       28

Nandana Saturday, 01 March 2025 06:34 PM

එහෙනම් පච්ච ගහපු එක ජපනෙකුටවත් ලංකාවට එන්න දෙන්න එපා. ජනාධිපතිතුමා දැඩිව ඉන්න.

:       66       10

රම්බොඩ Saturday, 01 March 2025 09:06 PM

ජපානයේ අන්තවාදී මිනීමරු කල්ලි ඉන්නවා පච්ච වලින් තමයි ඔවුන්ව සාමාජිකයින් අතර හඳුනාගන්නේ. බටහිර රටවලත් පාතාල කල්ලි, කුඩු කල්ලි, සම ලිංගික කල්ලි වගේ අය විශේෂ පච්චා කොටාගෙන ඉන්නවා ඔවුනොවුන් හඳුනාගන්න. පච්චය කියන්නෙ ගෞරවය ලැබිය යුතු සංකේතයක් නොවෙයි. ඕනෑම දෙයක් ඔහේ බදාගන්න අපේ බොහෝ පිරිස් පච්චා කොටාගෙන තම වැදගත්කම නසාගෙන ඉන්නවා.

:       1       18

පාඨකයෙක් Saturday, 01 March 2025 09:12 PM

ජපානයේ පච්ච භාවිතය එරට භාෂාවෙන් 'යකූසා' (Yakuza) යනුවෙන් හැඳින්වෙන පාතාල කල්ලි සාමාජිකයන්ට ආවේණික වූවකි. එබැවින් පච්ච වලින් සිරුර 'අලංකරණය කිරීම" එරට සම්ප්‍රදායික සමාජ ක්‍රමය තුළ පිළිගැනීමක් නැති, නීතිගරුක පුරවැසියන් නොකරන ක්‍රියාවක් ලෙස හැඳින්වේ...

:       3       11

පිටිගල මිලානෝ Sunday, 02 March 2025 02:00 PM

අනේ අයියේ අපි ඉවරායි…..ටැටුවොන්ට ජපානෙ ජොබ් නැහැල්ලූ….

:       0       10

Nihal Sunday, 02 March 2025 03:01 PM

බටහිර රටවල පරණම රැකියාවට වීදිවල හිටගෙන ඉන්න අයගේ අනන්‍යතාවය පච්චා. ලංකාවේ වැදගත්ව ජීවත්වෙන බුද්ධිමතුන් මතියන් නිලධාරීන්ට, හෙදියන්, ගුරුවරියන් විනිශ්චයකාරවරුන්, වරියන්, ගාමන්ට් සේවිකාවන්, පරිපාලන ඇතුලු උස්, පහත් භේදයකින් අංශයකම වැදගත්වන සෑම අංශයකම ජීවත්වෙන කිසිවෙකු වැදගත් නම් ලෝ පච්චා කොටන්නේ නැත. බොහෝ රටවලට රැකියාවලට නොගන්න හේතුව ඕනෑම අපරාධ කාරයෙක් පච්චා ස්ථිරයි. කලාතුරකින් කෙනෙක් නැති වෙන්න පුළුවනි.

:       2       10

Nihal Sunday, 02 March 2025 03:37 PM

මෑතක ඩොනල්ඩ් ට්‍රම්ප් මුණුපුරාට දීපු අවවාදය ලෝකෙම දැක්කා. "මද්‍යසාරය මත්ද්‍රව්‍ය ගන්න එපා පච්චා කොටන්න එපා "ඒක වැදගත්ව ජීවත්වෙන අය කරන්නේ නෑ... පච්චා වලට ඔය තත්ත්වය හේතුව ගණිකාවන්ගේ අපරාධ කාරයින්ගේ පච්චා ස්ථීරයි.!

:       2       14

ලසා Sunday, 02 March 2025 09:01 PM

විකාර නීතියක්නේ. පච්ච කලාව ඈත අතීතයේ සිටම මිනිස්සු කරපු දෙයක්. ඒකට ඕන තරම් සාක්ෂි තියෙනවා.

:       10       1

Janith Silva Monday, 03 March 2025 01:37 PM

පච්ච ක්‌ ගැහුවා කියලා. අවස්ථාව ක්‌ නැති කිරීම නම් අනුමත කරන්න බැ.

:       0       0

K w h kawshalya karunarathna Tuesday, 04 March 2025 07:39 AM

මටත් අවස්ථාවක් ලබාදෙන්න!

:       0       0

Malith Madushan Tuesday, 04 March 2025 10:16 PM

හොඳයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site