IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ආහාරයට නුසුදුසු කෙටි ආහාර තොගයක් විනාශ කරයි

 

(බන්දු තඹවිට)

නියමිත උෂ්ණත්වය නොමැතිව ප්‍රවාහනය කළ රුපියල් ලක්ෂයක පමණ වටිනා පෙර සකස් කරන ලද පරාටා රොටි,රෝල්ස්,පැටිස්, ඉඳිආප්ප පිටි, තොගයක් සිය බාරයට ගෙන  විනාශකිරීමට මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන් කටයුතු කළහ.

නිරෝධායන ඇඳිරිනීතිය පැවැත්වෙන කාලසීමාවතුල සෞඛ්‍යආරක්‍ෂිත නොවන අයුරින් මතුගම ප්‍රදේශයේ ආහාර ද්‍රව්‍ය බෙදාහරින බවට මතුගම මහජන සෞඛ්‍ය  පරීක්ෂක රසික මුණසිංහ සහ ඕවිටිගල මහජන සෞඛ්‍ය  පරීක්ෂක සජිත් ප්‍රශාන් යනමහත්වරුන්ට  ලැබුණු තොරතුරක් අනුව පෙර සැකසු ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කර බෙදාහරින සමාගමකට අයත් ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී මෙම ආහාර ‌සොයාගෙන තිබිණි.

 පසුව එම ආහාර ද්‍රව්‍ය සෞඛ්‍යආරක්‍ෂිත නොවන අයුරින් ප්‍රවාහනය කිරීමේ වරද ප්‍රවාහකයන් විසින් පිළිගෙන ලොරි රථයේ ශීතාගාරය නිසි පරිදි අලුත්වැඩියාකිරීමට පොරොන්දු වීමෙන් අනතුරුව එම ආහාර ද්‍රව්‍ය තොගය  මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන්ගේ අධීක්‍ෂණය යටතේ මතුගම ප්‍රාදේශීය සභා කසල අංගනයේදී විනාශ කිරීමට කටයුතු කළහ.



අදහස් (0)

ආහාරයට නුසුදුසු කෙටි ආහාර තොගයක් විනාශ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site