
(විමුක්ති එස් රුද්‍රිගු)
දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත්තේ ශ්‍රී ලංකාවේ බව නවතම විශ්ලේෂණයකින් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
සාමාන්‍යයෙන් දකුණු ආසියාවේ අනෙක් රටවල ගෘහස්ත විදුලි ගාස්තුවට වඩා ශ්‍රී ලංකාවේ ගෘහස්ත විදුලි ගාස්තුව 2.5 සිට 3 ගුණයක් දක්වා ප්‍රමාණයකින් වැඩි බව එම විශේලේෂණයෙන් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
දකුණු ආසියාවේ දෙවැනි ස්ථානයට වැඩිම විදුලි ගාස්තු ඇත්තේ පකිස්තානයේ වුවත් එම ගාස්තුව ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් අඩු බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ විදුලි ඒකක 100 පාවිච්චි කරන නිවසක් ගෙවිය යුතු විදුලි ගාස්තුව එම ඒකක ගණනම භාවිත කරන පාකිස්තානයේ නිවෙසකට වඩා සියයට 50 කින් ඉහළ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.ඒකක 300 පාවිච්චි කරන නිවෙසක් ගෙවිය යුතු ගාස්තුව පකිස්තානයේ නිවෙසකට වඩා සියයට 97 කින් ඉහළ බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු ඉහළ යාම අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙරටට ලබා දී තිබෙන කැපවීමක් හා බැඳී තිබෙන්නක් බවද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.මෙම මාසයේදී සැලසුම් කර ඇති බදු අඩුකිරීම යටතේ සියයට 4 කින් හෝ ඊට අඩු මට්ටමකින් කප්පාදු කෙරෙණු ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.එසේ අඩු කළද ශ්‍රී ලංකාවේ නිවෙස් වලට දකුණු ආසියා කලාපයේ ඇති ඉහළම විදුලි ගාස්තු තවදුරටත් දැරීමට සිදුවන බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
ඒකක 100, 200 සහ 300 ක විදුලි ප්‍රමාණයක් පාවිච්චි කරන නිවසකින් ශ්‍රී ලංකාව කොපමණ විදුලි ගාස්තුවක් අය කරන්නේ දැයි මෙම විශ්ලේෂණයේදී වෙරිටේ රිසර්ච් ආයතනය විමසුමට ලක් කර ඇත.මෙම විශ්ලේෂණයේදී සැපයුම්කරුවාගේ ගාස්තුව පමණක් සැලකිල්ලට ගෙන ඇති අතර සමාජ ආරක්ෂණ බද්ද වැනි ආණ්ඩුවේ බදු සැලකිල්ලට ගෙන නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා ආර්ථිකය කෙටි කලකදී ප්‍රකෘති කිරීම ලෝක වාර්තාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. "දිගුකාලීන වේදනා හා දුෂ්කරතාවයකින් තොරව අප රටේ ආර්ථිකය ප්‍රතිසාධනය කර කරගන්න හැකි වුණා.
අපොයි ඔක මොකක්ද? ලංකාව තමයි නියමෙටම කප්ගහන රට.
ඒ්කනෙ කිව්වෙ මෙක දකුනු ආසියාවෙ ආශ්චර්යය කරනව කියල....මෙව විස්වාස කරන බත් කන සිංහල බුරුවො තාම ඉන්නව.
දන්නේ නැද්ද "සිරි ලංකාව කියන්නේ ආසියාවේම ආශ්චර්යය" කියලා? පොඩ්ඩක් ඉන්න හලෝ, තාම විදුලි ගාස්තු අඩුකරන්න මහජන අදහස් ගන්න ගමන් ඉන්නේ... එහෙම අදහස් ගන්න ලෝකෙම තියෙන එකම රටත් සිරි ලංකාව විතරමයි...!!!
අපේ ශ්‍රී ලන්කන්ලා රැවටුණු ‘‘ආසියාවේ ආශ්චර්යය‘‘ දැන් තමයි පත්තු වෙන්නේ...!
ඒ වුණාට රනිල් ප්‍රමුඛ හැත්ත විශ්වාස කරන රොත්තක් තවමත් ඉන්නවා. ඔවුන් ලෝකෙ ගැන මෙලෝ දෙයක් දන්නෑ...!
විදුලිබිල 3-4 ගුණයකින් වැඩි කරේ රනිල්...!
චන්දේ කිට්ටු වෙද්දී මේවා අඩු කරයි ලස්සනට මිනිස්සු අන්දවන්න. විදුලි ඇමති ඇතුළු මුළු ඇමති මණ්ඩලයටම සොබා දහම දඩුවම් දෙන දවස වැඩි ඈතක නැහැ.
ජරාපක්ෂලා 2005 ඉඳන් හොරා කාපුවාගේ ප්‍රතිපල මේ ඔක්කොම
ඒ සල්ලි වලින් උන්ටම ආයෙත් හාල් කිලෝ 20ක් නිකම් දෙනවා. ඒක ගන්න අපේ බූරුවෝ ආයෙත් චන්දෙ දෙනවා. මේවා ෆේස්බුක් දාන හින්ද ඔන්ලයින් පනත ගේනවා
මේ ආණ්ඩුව රටේ ප්‍රශ්ණ විසදන්නේ හැම දේකම මිල වැඩිකරල. නැත්නම් බදු වැඩිකරල. විදුලි බිල වැඩිකලෙත් ප්‍රශ්ණ විසදීමේ එක්තරා ක්‍රමයක් ලෙසයි. ඒකෙන් සියළුම විදුලි පාරිභෝගිකයින් අමාරුවේ වැටිල.
අපි තමා හොඳටම කලේ