IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ආසියාවේ වැඩිම විදුලි ගාස්තු ලංකාවේ

(විමුක්ති එස් රුද්‍රිගු)

දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත්තේ ශ්‍රී ලංකාවේ බව නවතම විශ්ලේෂණයකින් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

සාමාන්‍යයෙන් දකුණු ආසියාවේ අනෙක් රටවල ගෘහස්ත විදුලි ගාස්තුවට වඩා ශ්‍රී ලංකාවේ ගෘහස්ත විදුලි ගාස්තුව 2.5 සිට 3 ගුණයක් දක්වා ප්‍රමාණයකින් වැඩි බව එම විශේලේෂණයෙන් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

දකුණු ආසියාවේ දෙවැනි ස්ථානයට වැඩිම විදුලි ගාස්තු ඇත්තේ පකිස්තානයේ වුවත් එම ගාස්තුව ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් අඩු බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ විදුලි ඒකක 100 පාවිච්චි කරන නිවසක් ගෙවිය යුතු විදුලි ගාස්තුව එම ඒකක ගණනම භාවිත කරන පාකිස්තානයේ නිවෙසකට වඩා සියයට 50 කින් ඉහළ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.ඒකක 300 පාවිච්චි කරන නිවෙසක් ගෙවිය යුතු ගාස්තුව පකිස්තානයේ නිවෙසකට වඩා සියයට 97 කින් ඉහළ  බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු ඉහළ යාම අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙරටට ලබා දී තිබෙන කැපවීමක් හා බැඳී තිබෙන්නක් බවද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.මෙම මාසයේදී සැලසුම් කර ඇති බදු අඩුකිරීම යටතේ සියයට 4 කින් හෝ ඊට අඩු මට්ටමකින් කප්පාදු කෙරෙණු ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.එසේ අඩු කළද ශ්‍රී ලංකාවේ නිවෙස් වලට දකුණු ආසියා කලාපයේ ඇති ඉහළම විදුලි ගාස්තු තවදුරටත් දැරීමට සිදුවන බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

ඒකක 100, 200 සහ 300 ක විදුලි ප්‍රමාණයක් පාවිච්චි කරන නිවසකින් ශ්‍රී ලංකාව කොපමණ විදුලි ගාස්තුවක් අය කරන්නේ දැයි මෙම විශ්ලේෂණයේදී වෙරිටේ රිසර්ච් ආයතනය විමසුමට ලක් කර ඇත.මෙම විශ්ලේෂණයේදී සැපයුම්කරුවාගේ ගාස්තුව පමණක් සැලකිල්ලට ගෙන ඇති අතර සමාජ ආරක්ෂණ බද්ද වැනි ආණ්ඩුවේ බදු සැලකිල්ලට ගෙන නොමැත.



අදහස් (12)

ආසියාවේ වැඩිම විදුලි ගාස්තු ලංකාවේ

anuranga Thursday, 08 February 2024 03:57 PM

ශ්‍රී ලංකා ආර්ථිකය කෙටි කලකදී ප්‍රකෘති කිරීම ලෝක වාර්තාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. "දිගුකාලීන වේදනා හා දුෂ්කරතාවයකින් තොරව අප රටේ ආර්ථිකය ප්‍රතිසාධනය කර කරගන්න හැකි වුණා.

:       0       1

ravin Thursday, 08 February 2024 04:29 PM

අපොයි ඔක මොකක්ද? ලංකාව තමයි නියමෙටම කප්ගහන රට.

:       1       16

pakeer Thursday, 08 February 2024 04:35 PM

ඒ්කනෙ කිව්වෙ මෙක දකුනු ආසියාවෙ ආශ්චර්යය කරනව කියල....මෙව විස්වාස කරන බත් කන සිංහල බුරුවො තාම ඉන්නව.

:       2       21

පිටරටවැසියා Thursday, 08 February 2024 05:01 PM

දන්නේ නැද්ද "සිරි ලංකාව කියන්නේ ආසියාවේම ආශ්චර්යය" කියලා? පොඩ්ඩක් ඉන්න හලෝ, තාම විදුලි ගාස්තු අඩුකරන්න මහජන අදහස් ගන්න ගමන් ඉන්නේ... එහෙම අදහස් ගන්න ලෝකෙම තියෙන එකම රටත් සිරි ලංකාව විතරමයි...!!!

:       0       1

Jayasekara Thursday, 08 February 2024 05:03 PM

අපේ ශ්‍රී ලන්කන්ලා රැවටුණු ‘‘ආසියාවේ ආශ්චර්යය‘‘ දැන් තමයි පත්තු වෙන්නේ...!

:       0       1

චන්දන Thursday, 08 February 2024 05:44 PM

ඒ වුණාට රනිල් ප්‍රමුඛ හැත්ත විශ්වාස කරන රොත්තක් තවමත් ඉන්නවා. ඔවුන් ලෝකෙ ගැන මෙලෝ දෙයක් දන්නෑ...!

:       0       1

Akila Thursday, 08 February 2024 06:18 PM

විදුලිබිල 3-4 ගුණයකින් වැඩි කරේ රනිල්...!

:       0       1

Chaminda Kumara Thursday, 08 February 2024 08:41 PM

චන්දේ කිට්ටු වෙද්දී මේවා අඩු කරයි ලස්සනට මිනිස්සු අන්දවන්න. විදුලි ඇමති ඇතුළු මුළු ඇමති මණ්ඩලයටම සොබා දහම දඩුවම් දෙන දවස වැඩි ඈතක නැහැ.

:       0       3

Perera Friday, 09 February 2024 03:00 AM

ජරාපක්ෂලා 2005 ඉඳන් හොරා කාපුවාගේ ප්‍රතිපල මේ ඔක්කොම

:       0       2

dileepa1986 Friday, 09 February 2024 07:23 AM

ඒ සල්ලි වලින් උන්ටම ආයෙත් හාල් කිලෝ 20ක් නිකම් දෙනවා. ඒක ගන්න අපේ බූරුවෝ ආයෙත් චන්දෙ දෙනවා. මේවා ෆේස්බුක් දාන හින්ද ඔන්ලයින් පනත ගේනවා

:       0       3

Rohana Friday, 09 February 2024 08:37 AM

මේ ආණ්ඩුව රටේ ප්‍රශ්ණ විසදන්නේ හැම දේකම මිල වැඩිකරල. නැත්නම් බදු වැඩිකරල. විදුලි බිල වැඩිකලෙත් ප්‍රශ්ණ විසදීමේ එක්තරා ක්‍රමයක් ලෙසයි. ඒකෙන් සියළුම විදුලි පාරිභෝගිකයින් අමාරුවේ වැටිල.

:       0       3

Nimal Friday, 09 February 2024 09:23 AM

අපි තමා හොඳටම කලේ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31248 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13424 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10980 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 83 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 918 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site