IMG-LOGO

ආසාත්මිකතාවකින් වාරියපොළ සිසුන් 70දෙනෙකු රෝහලේ

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

ආසාත්මිකතාවක් හේතුවෙන් අද(05) වාරියපොළ  පාසලක ප්‍රාථමික අංශයේ සිසු දරුවන් 70 දෙනෙකු  ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

තද හිසේ අමාරුවක් සහ ඔක්කාරය ඇති බව පැවසූ එක් දරුවෙකු කුරුණෑගල ශික්ෂණ රෝහල කරා මාරු කර යවා තිබේ.

දරුවන්ට ඇඟ කැසීම, හිසරදය වැනි රෝග ලක්ෂණ තිබූ නමුත් බරපතල රෝගී තත්වයක් නැති බව රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

විද්‍යාල භූමියේ කසළ ගිනිතැබීමකින් ඇතිවූ දුමක් හේතුවෙන් මෙම තත්වය ඇතිවූ බවට සැකයක් පැවතිණි.

ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක අමල් බණ්ඩාර මහතා සහ වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.ඒ.ඩී. සුරවීර මහතා එම ස්ථානයට ගොස් පරීක්ෂා කළහ.  සුරවීර මහතා ප්‍රකාශ කළේ ආසාත්මිකතාවට නිශ්චිත හේතුව  තවමත් කිව නොහැකි බවය.



අදහස් (0)

ආසාත්මිකතාවකින් වාරියපොළ සිසුන් 70දෙනෙකු රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 345 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 174 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1852 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site