
(මනෝප්‍රිය ගුණසේකර)
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙදී අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ.
අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් අල්ලස් වශයෙන් ගත් මුදල් ඉල්ලා සිටියදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නිලධාරීයකු එම මුදල් සපා කා විනාශ කිරීමට උත්සහ කර ඇතැයිද වාර්තාවේ.
අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වශයෙන් කටයුතු කළ පුද්ගලයාට අමතරව මෙලෙස අතත්අඩංගුවට ගෙන ඇත්තේ එම කාර්යාලයේම රාජකාරි කළ බව කියන සංවර්ධන නිලධාරියකු සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ සේවය කරමින් සිට වැඩ තහනමට ලක්වු පුද්ගයෙකි.
බස් රථයක පොතක් වෙනස් කරවා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට පැමිණි බස්රථයේ හිමිකරුගෙන් බස් රථයේ පොත ඉක්මනින්ම වෙනස් කරවාදීම සඳහා එම කාර්යාලයේ රාජකාරි කළ පුද්ගලයකු අල්ලස් ඉල්ලා ඇති බවත් ඒ අනුව අල්ලස් කොමිසමේ වැටලීම් අංශයේ නිලධාරීන් කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තාවේ.
COMMENTS
ආර්.එම්.වී. කියන්නේ සෑහෙන්න දූෂණ සිද්ද වෙන ආයතනයක්..
ලොකුම හොර ගුහාවක් ඕක. නාරම්මල මැටියගනේ රන්දි මෝටර්ස් එකෙන් හොරෙන් ගෙනැල්ලා අහුවෙච්ච මිනීමයිනර් කාර් එකේ නඩුව ඕකුන් ඔක්කොම එකතු වෙලා යට ගැහුවා. හැබැයි බේරෙන්න හම්බ වෙන්නේ නම් නෑ.. ඔවුන්ට මේ පාර නම්.... ඕකට යන පාරෙ ඉඳන් හොරු ඉන්නේ...!
1999 වර්ෂයේ සංවර්ධන නිළධාරි බදවා ගැනීමේ සිට මෙතෙක් හරියට සංවර්ධනය කලානම් මේ රට සුරපුරක් වෙන්න තිබුණා ඒ ඔය සංවර්ධන කට්ටියම කලේ කළමනාකරණ නිළධාරින් කළ යුතු රාජකාරි වලට අමතරව ඔය කලා කියපු වැඩ පමණයි ඇත්තෙන්ම වැඩිපඩි අඩු වැඩ කරන සංවර්ධන නිළධාරින් ලක්ෂ ගණනක් සිටිද්දී තනතුරු නාමයට කටයුතු කලා නම් අවුරුදු 25 කදි රට අනෙක් පැත්ත හරවන්න තිබුනේ නැද්ද ඔක්කොම වැඩ පාර්ලිමේන්තුවේ 225 ට හා ජනාධිපතිට කරන්න බැහැනේ
මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියන්නේ දූෂිතයෝ රජ කරන තැනක්.. පගාවක් නොදී කිසිම වැඩක් කරගන්න බැරි තරම්...