IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ආපදා මරණ 14 දක්වා ඉහළට

(නිමල කොඩිතුවක්කු)

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානය පවසයි.

තද වැසි, ගංවතුර, ගස් කඩාවැටීම්, මාර්ග ජලයෙන් යටවීම් ඇතුලු ආපදා තත්වය දිස්ත්‍රික්ක 24 කට බලපා ඇතැයිද එම මධ්‍යස්ථානය පවසයි.

මේ හේතුවෙන් පවුල් 132,071කට අයත් 441373ක් තවදුරටත් පීඩාවට පත්ව ඇතැයි ද ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානය පවසයි.

ආපදා තත්වය හේතුවෙන් නිවාස 99කට පූර්ණ හානි සිදුව තවත් නිවාස 2082 කට අර්ධ හානි සිදුව තිබේ.

මේ වනවිට පුවුල් 12054 කට අයත් 37863 ක් ආරක්ෂිත ස්ථාන 338 ක රඳවා ඇතැයිද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් අම්පාර, යාපනය, මන්නාරම,මුලතිව්, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ  පුත්තලම  යන දිස්ත්‍රික්කයට සිදුව තිබේ.

අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, සහ ගං වතුර ඇතුළු තත්වයන් හේතුවෙන් මෙම බලපෑම් එල්ල වී ඇතැයිද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.



අදහස් (1)

ආපදා මරණ 14 දක්වා ඉහළට

බණ්ඩා Saturday, 30 November 2024 01:04 AM

දැන් පැතූ වෙනස ලැබී තිබේ. රාජා භාවතු ධම්මිකෝ. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. රටට ධර්මිෂ්ඨ පාලකයන් ලැබේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site